Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner කිරුළ හිමි ඩිජොකොවික්ට අසීරු තරගයක්

කිරුළ හිමි ඩිජොකොවික්ට අසීරු තරගයක්

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

66633


පැය හතරකුත් විනාඩි 32 ක දීර්ඝ තරගයකින් පසුව ලකුණු 6-3 ක්, 6-7 ක්, 6-4 ක්, 4-6 ක් සහ 6-3 ක් ලෙස ප‍්‍රංශයේ ගිල්ස් සිමොන් පරාජය කරමන් ඕස්ටේ‍්‍රලියානු විවෘත තරගාවලියේ අවසන් අටදෙනා අතරට ඉතා අසීරුවෙන්  රිංගා ගැනීමට සර්බියාවේ නොවැක් ඩිජොකෝවික් අද සමත්විය.

ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල නොම්මර එකේ කී‍්‍රඩකයා වන නොවැක් ඩිජොකෝවික් පසුගිය වසරේ  ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් කිරුළට පසුගිය වසරේ හිමිකම් කී කී‍්‍රඩකයාය.

පස් වතාවක්ම ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් කිරුළට හිමිකම් කී මේ 28 හැවිරිදි සර්බියානුවා අද රොඞ් ලීවර් පිටියේ දී සිය ප‍්‍රතිවාදියා පරාජය කිරිමට දැඩි වෙහෙසක් ගත්තේය. පිට පිට 27 වැනි වරටත් ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවලියක අර්ධ අවසන් පූර්ව වටයට එසේ එක්වූ ඩිජෝකෝවික්ට අර්ධ අවසන් පූර්ව වටයේදී තරග කිරිමට සිදුවී ඇත්තේ ජපානයේ කී නිෂිකෝරි සමගය. ඔහු අවසන් අටට ගියේ ප‍්‍රංශයේ ජෝ විල්ෆ‍්‍රඞ් සොංගා ලකුණු 6-4 ක්, 6-2 ක් සහ 6-4 කින් පරාජය කරමිනි.

‘ගිල්ස් වැනි කී‍්‍රඩකයෙක් සමග තරග කිරිමට සිදුවීම එක අතකින් කෙනෙකුගේ අත්දැකීම් වැඩිපුර පාවිච්චි කරන්න වන විදිහේ වැඩක්.‘ මීට පෙර ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ දී අටවතාවක්ම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ඩිජෝකෝවික් කීවේය.

ලෝක ශ්‍රේණිගත කිරිම්වල 9 වැනි තැන පසුවන සොංගා පරදවා අර්ධ අවසන් වටයට ගිය 28 හැවිරිදි නිෂිකෝරිට මීට පෙර 2014 දී අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් තරගයට එක්වූ කී‍්‍රඩකයාය. මෙල්බර්න් හී දී කිසිදිනෙක අවසන් පූර්ව වටයකට එක්නොවූ මේ ජපාන කී‍්‍රඩකයා හමුවේ ඇත්තේ සුලූපටු අභියෝගයක් නොවන බැව් කවුරුත් කියති.

එහෙත් කලෙක සිට  ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියක අවසන් පූර්ව වටයට යාමේ සිහිනය දකිමින් සිටින තමාට නොම්මර එකේ කී‍්‍රඩක ඩිජෝකෝවික් සමග තරග කිරීමට ලැබීමත් එක්තරා අන්දමක ජයග‍්‍රහණයක් බැව් ඔහු කීවේය.


- 077

 


අදහස් (0)

කිරුළ හිමි ඩිජොකොවික්ට අසීරු තරගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.