Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner කිටෙල් සිවුවැනි ජයත් ලබයි

කිටෙල් සිවුවැනි ජයත් ලබයි

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශ පාපැදි සවාරියේ 10 වැනි අදියර ජය ගැනීමට මහ බ්‍රිතාන්‍යයේ මර්සෙල් කිටෙල් සමත් විය. කිලෝ මීටර් 213.5 ක දුරකින් සමන්විත වූ එම අදියර ප්‍රංශයේ පෙරිගුයෙක්ස් නරගයෙන් ආරම්භ වී බර්ජෙරැක් නගරයෙන් නිමාවට පත් විය. එම අදියර නිමා කිරීම සඳහා කිටෙල්ට ගත වූ කාලය පැය 4 යි විනාඩියකි.

මෙවර තරගාවලියේ දෙවැනි, හයවැනි සහ හත්වැනි අදියරවල ජයග්‍රාහකයා බවට පත්වූයේද කිටෙල්ය. ඒ අනුව මේ දක්වා අදියර 4 ක් ජයගැනීමට ඔහු සමත්ව සිටියි.

කිටෙල් සමග එක පොකුරේ පැමිණ තරගය අවසන් කළ ජර්මනියේ ජෝන් ඩෙගෙන්කොල්බ් 10 වැනි අදියරේ දෙවැනි ස්ථානයත්, නෙදර්ලන්තයේ ඩයිලන් ග්‍රොයෙන්වෙගන් තෙවැනි ස්ථානයත් හිමිකරගත්හ. ජර්මනියේ රුඩිගර් සෙලිං සහ නොර්වේහි ඇලෙක්සැන්ඩර් ක්‍රිස්ටෝෆ් පිළිවෙලින් එහි සිවුවැනි සහ පස්වැනි ස්ථාන වලට පත් වූහ.

10 වැනි අදියර ජයගැනීමට කිටෙල් සමත් වුවද, මුල් අදියර 9 නිමා කිරීමට ගතකළ කාලයත් සමග ගත්කල සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට ජර්මනියේ ක්‍රිස්ටෝපර් ෆෝම් සමත් විය. එහිදී අදියර 10 ක් නිසා කිරීම සඳහා ඔහුට ගත වී ඇති මුලු කාලය පැය 42.27:28 කි. ෆෝම්ට වඩා පැය 1.25:59 ක් පසුපසින් සිටින කිටෙල්ට සමස්ත තරගයේ ප්‍රතිඵලයට අනුව හිමිව ඇත්තේ 149 ස්ථානයයි.

සමස්ත තරගයේ ප්‍රතිඵලයට අනුව දෙවැනි ස්ථානයේ රැදී සිටින මහ බ්‍රිතාන්‍යයේ ජෙරේන්ට් තෝමස්, ෆෝම්ට වඩා තත්ත්පර 18 ක් පසුපසින් සිටින අතර එහි තෙවැනි ස්ථානයේ පසුවන ඉතාලියේ ෆැබියෝ අරූ, ෆෝම්ට වඩා තත්ත්පර 51 ක් පසුපසින් සිටියි.   

පාපැදි සවාරියේ 11 වැනි අදියර අද (12 වැනිදා) අයිමෙට් නරගයෙන් ආරම්භ වී පාවෝ නගරයෙන් අවසන් වීමට නියමිත අතර එහි මුලු දුර ප්‍රමාණය කිලෝ මීටර් 203.5 කි.


සමස්ත තරගයේ ප්‍රතිඵලය

1 ක්‍රිස්ටෝපර් ෆෝම් (මහ බ්‍රිතාන්‍යය) - පැය 42.27:28
2 ෆැබියෝ අරූ (ඉතාලිය) - පැය 42.27:46
3 රෝමේන් බර්ඩෙට් (ප්‍රංශය) - පැය 42.28:19
4 රිගොබර්ටෝ ඌරන් (කොලෙම්බියාව) - පැය පැය 42.28:23
5 ජකූබ් ෆුගල්සං (ඩෙන්මාකය) - පැය 42.29:05
6 ඩැනියෙල් මාටින් (අයර්ලන්තය) - පැය 42.29:12
7 සයිමන් යේට්ස් (මහ බ්‍රිතාන්‍යය) - පැය 42.29:30
8 නයිරෝ කුයින්ටනා (කොලෙම්බියාව) - පැය 42.29:41
9 මයිකල් ලන්ඩා (ස්පාඤ්ඤය) - පැය 42.30:34
10 ජෝජ් බෙනට් (නවසීලන්තය) - පැය 42.31:21


- 036

 

 

 


අදහස් (0)

කිටෙල් සිවුවැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.