Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කරන වසරමැද ආධුනික කැරම් ශූරතාවලියේ පිරිමි යුගල ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දිනෙත් දුලක්ෂණ සහ එවෝන් වික්‍රමසිංහ සමත් වූහ. අවසන් මහ තරගයේදී වට 2-1 ක් ලෙස නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ කවිඳු පැතුම් සහ බවන්ත පන්සිළු පරාජය කරමින් දිනෙත් සහ එවෝන් එම ශූරතාවට හිමිකම් කීහ.
තරගාවලියේ කාන්තා යුගල ශුරතාව දිනාගැනීමට නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විදුහලේ දිල්ශා ප්‍රසාදිනී සහ වින්දි දිලන්යා සමත් වූයේ අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස නුගේගොඩ මහාමායා බාලිකා විදුහලේ යේෂානි කෞෂල්යා සහ දේෂානි කෞෂල්‍යා පරාජය කරමිනි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ නලීන් ජයශාන්ත සහ දුෂ්‍යන්ත නදීෂාන් විසින් පිරිමි යුගල තෙවැනි ස්ථානයද, නුගේගොඩ මහාමායා බාලිකා විදුහලේ මාෂා නිර්මාණි සහ නෙත්මා සෙව්මිනි විසින් කාන්තා යුගල තෙවැනි ස්ථානයද හිමිකර ගනු ලැබූහ.
පිරිමි කේවල, කාන්තා කේවල, පිරිමි යුගල සහ කාන්තා යුගල ලෙස ඉසව් හතරකින් සමන්විත මෙම තරගාවලිය මේ මස 7 වෙනිදා සිට 29 වෙනිදා දක්වා සති අන්ත දිනවලදී කොහුවල ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේ පැවැත්වේ. ඒ සඳහා දිවයිනේ සියලුම ප්‍රදේශ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 350 කට අධික පිරිසක් සහභාගී වී සිටිති.
තරගාවලියේ පිරිමි කේවල සහ කාන්තා කේවල මූලික වටයේ තරග ලබන සෙනසුරාදා (14 වැනිදා) සහ ඉරිදා (15 වැනිදා) යන දිනවලදී පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව, අවසන් පූර්ව සහ අවසන් මහ තරග මේ මස 28 වැනිදා සහ 29 වැනිදා යන දිනවලදී පැවැත්වීමට නියමිතය.
තරග ප්‍රතිඵල
පිරිමි අවසන් මහ තරගය
දිනෙත් දුලක්ෂණ සහ එවෝන් වික්‍රමසිංහ (ගුවන් හමුදාව) විසින් තරග වට 2-1 ක් ලෙස කවිඳු පැතුම් සහ බවන්ත පන්සිළු (නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල) පරාජය කරන ලදහ. (25/19, 23/24, 25/0)
කාන්තා අවසන් මහ තරගය
දිල්ශා ප්‍රසාදිනී සහ වින්දි දිලන්යා (නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස යේෂානි කෞෂල්යා සහ දේෂානි කෞෂල්යා (නුගේගොඩ මහාමායා බාලිකා විදුහල) පරාජය කරන ලදහ. (23/20, 25/07)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.