Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පළමු වරට පැවති ක්ලැසික් බේස්බෝල් තරගාවලියේ ශූරතාව දිනාගනිමින්, රුපියල් 120,000 ක ත්‍යාග මුදලට හිමිකම් කීමට නිරෝෂන් පුංචිහේවාගේ නායකත්වයෙක් යුත් ගෝල්ඩන් ලයන්ස් පිල සමත්විය.
හෝමාගම, දියගම ජපන් - ශ්‍රී ලංකා මිත‍්‍රත්ව බේස්බෝල් කී‍්‍රඩාංගණයේදී පැවති අවසන් මහ තරගයේ ඉනිම් 7 ක් අවසානයේදී ලකුණු 12 - 3 ක් ලෙස බ්ලැක් හෝක්ස් පිල පරාජය කරමින් ඔවුහු මෙම ශූරතාවට හිමිකම් කීහ.
ශූරතාව දිනාගත් ගෝල්ඩන් ලයන්ස් පිල
අනුශූරතාව දිනාගත් බ්ලැක් හෝක්ස් පිලට හිමිවූ මුදල් ත්‍යාගය රුපියල් 64,000 කි.
ගෝල්ඩන් ලයන්ස් පිලේ නායක නිරෝෂන් පුංචිහේවා තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන ලබමින් රුපියල් 20,000 ක මුදල් ත්‍යාගයක්ද ලබාගත්තේය.
බ්ලැක් හෝක්ස් පිලේ දිලිප් කුමාර දක්ෂතම පන්දු රකින්නා ලෙසත්, ගෝල්ඩන් ලයන්ස් පිලේ සංජීව ජයරත්න සහ දම්පිල මහතන්තිල දක්ෂතම පන්දු පිරිනමන්නා සහ දක්ෂතම පහරදෙන්නා ලෙසත් සම්මාන හිමිකරගත්හ. ඔවුන්ට රුපියල් 10,000 බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමිණ.
නිරෝෂන් පුංචිහේවා (නායක), සංජීව ජයරත්න, සම්පත් කුමාර, සසංග ද සිල්වා, ප‍්‍රවීන් රත්නායක, නයන මාලිංග, හර්ෂ ඇල්වත්ත, ඉෂාර ගුණසිරි, දම්පිල මහතන්තිල, දමිත් රණසිංහ, දිනූෂ අමරතුංග, නිමේෂ් ලක්මාල්, දිලීප ප‍්‍රසාද්, සවින්ද සේනාරත්න, ආර්. ඞී. දික්මඩුගොඩ යන කී‍්‍රඩකයන් ගෝල්ඩන් ලයන්ස් පිල නියෝජනය කළ අතර මලිඳු හේවගේ මහතා එහි පුහුණුකරු ලෙස කටයුතු කළේය.
ගෝල්ඩන් ලයන්ස්, රෙඞ් ස්කෝපියන්ස්, බ්ලැක් හෝක්ස්, වයිට් ස්ටැලියන්ස්, ගී‍්‍රන් වුල්ව්ස්, බ්ලූ ශාර්ක්ස් යන කණ්ඩායම් 6 යේ සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලිය ඉන්දිය පී‍්‍රමියර් ලීග් (අයි. පී. එල්.) කි‍්‍රකට් තරගාවලියට අනුරූපීව සංවිධානය කර තිබිණි.
ගෝල්ඩන් ලයන්ස් පිලේ නායක නිරෝෂන් පුංචිහේවා, ජපානයේ ජයිකා ආයතනයේ ප‍්‍රධාන නියෝජිත ආ ඕ මහතාගෙන් තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා හිමි කුසලාන ලබාගත් අයුරු...
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අනුග‍්‍රහය ඇතිව ශී‍්‍ර ලංකා බේස්බෝල් සංගමය තරගාවලිය සංවිධානය කළේය.
පළමු දිනයේ තරග ප‍්‍රතිඵල
දෙවැනි දිනයේ තරග ප‍්‍රතිඵල
තෙවැනි දිනයේ තරග ප‍්‍රතිඵල
සිව්වැනි දිනයේ තරග ප‍්‍රතිඵල
(ඡයාරූප: ශානුක අරවින්ද)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.