Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව සංවිධානය කළ 9 වැනි විවෘත ස්කොෂ් තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදාව නියෝජනය කළ ගිහාන් සුවාරිස් සමත්විය. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල නියෝජනය කළ මිහිලියා මෙත්සරණි කාන්තා ශූරතාව දිනාගත්තාය.
තරගකරුවන් 230 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගීවූ තරගාවලිය දින නවයක් පුරා රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්විණ.
ප‍්‍රධාන වශයෙන් පිරිමි සහ කාන්තා විවෘත, වයස අවුරුදු 13 න්, 15 න්, 17 න්, සහ 19 න් පහළ වයස් කාණ්ඩ යටතේ පැවති මෙම තරගාවලියයේදී වයස අවුරුදු 35 ට වැඩි පිරිමි අතර මැදි , 45 ට වැඩි සහ 50 ට වැඩි පිරිමි ජ්‍යෙෂ්ඨ යන වයස් කාණ්ඩ සඳහාද, ආධුනික පිරිමි සහ කාන්තා යන කාණ්ඩ සඳහාද තරග පැවිත්විණ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ජී. පී. බුලත්සිංහල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති තරගාවලියේ ත්‍යාග ප‍්‍රධානෝත්සවයට ගුවන් හමුදා ස්කෝෂ් සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් එම්. එල්. කේ. පෙරේරා මහතා, එම සංගමයේ සභාපති කොමදෝරු පාලිත වීරසිංහ මහතා සහ ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයේ ඉහළ නිලධාරීහු පිරිසක් සහභාගීවූහ.
තරගාවලියේ ප‍්‍රතිඵල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.