Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner චන්ද්‍රදාසන් - මධුෂානි රන් පදක්කම් දිනති

චන්ද්‍රදාසන් - මධුෂානි රන් පදක්කම් දිනති

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හතළිස් හතර වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීමේ තරගාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම එස්. චන්ද්‍රදාසන් දිනාගත්තේය. එහි කාන්තා ඉසව්වේ රන් පදක්කම නිමේෂා මධුෂානි නන්දසේන විසින් දිනාගන්නා ලදි.

මෙම රට හරහා දිවීමේ තරගය සෙනසුරාදා නුවරඑළියේදී පැවැත්විණ. මෙවර ජාතික මහා ක්‍රීඩා රට හරහා දිවීමේ තරගාවලියේ විශේෂිතම සිදුවීම වූයේ කිලෝ මීටර 10 ක් දුරැති මෙම රට හරහා දිවීමේ තරගාවලියේ සැබෑ ජයග්‍රාහකයන් වූ සමන්ත පුෂ්පකුමාර හා (කාන්තා තරග) නිලානි රත්නායක දෙදෙනා ලබන මාර්තු මාසයේදී පැවැත්වෙන ආසියානු රට හරහා දිවීමේ තරගාවලි දෙකකට නිර්දේශ වීමයි.

චන්ද්‍රදාසන් විනාඩි 33.25 කට තරගය නිම කරද්දී සමන්ත පුෂ්පකුමාර විනාඩි 33.24 කට තරගය නිම කළේය. නිමේෂා මධුෂානි විනාඩි 39.49 කට තරගය නිම කරද්දී නිලානි රත්නායක විනාඩි 39.23 කට තරගය නිම කළාය.

ඒ අනුව මාර්තු 15 වැනිදා චීනයේ “ගුසියෑංග්” නුවරදී පැවැත්වෙන 14 වැනි ආසියානු රට හරහා දිවීමේ තරගාවලියට හා මාර්තු 25 වැනිදා භූතානයේ “පැරෝ” නගරයේදී පැවැත්වෙන රට හරහා දිවීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවීමේ අවස්ථාව ඔවුන් දෙදෙනාට හිමිව තිබේ.

තරගය කලින්ම අවසන් කළ නමුත් සමන්ත පුෂ්පකුමාරට සහ නිලානි රත්නායකට රන් පදක්කම් අහිමි වූයේ ඔවුන් දෙදෙනා තරගාවලියේ නිල ප්‍රතිඵල ලේඛණයට ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් එල්ලවූ විරෝධතාය.

ඉන්දුනිසියාවේදී පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේ පෙරහුරු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වී පැමිණි සමන්ත හා නිලානි මෙරටට ළඟාවන විට ජාතික රට හරහා දිවීමේ තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලියාපදිංචි කර අවසන්වී තිබුණු බව වාර්තා වේ. ඒ සඳහා ඔවුන් තරගයට පෙරදින ලියාපදිංචිවීමට ගත් උත්සාහය අසාර්ථක වූයේ ඒ සම්බන්ධයෙන් තරගාවලියට සහභාගිවී සිටි පළාත් සභා ක්‍රීඩා නිලධාරින්ගෙන් එල්ලවූ විරෝධතාවයක් හේතුවෙන් බවද වාර්තාවේ.

කෙසේ වුවත් පුෂ්පකුමාර හා නිලානි රත්නායකගේ අභියාචනා පිළිබඳව තවදුරටත් සළකා බැලූ තරග කමිටුව ඔවුන්ට කොන්දේසි මත තරග වැදීමට අවස්ථාව ලබාදුන් බව ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ අයි.පී. විජේරත්න මහතා පැවැසීය. ඒ ඔවුන්ගේ ස්ථාන නිල ප්‍රතිඵල ලේඛනයට ඇතුළත් කර නොගන්නා කොන්දේසිය මතය.

ඒ අනුව ඔවුන් දෙදෙනාට විවෘත තරගාවලියකට සහභාගිවන ආකාරයෙන් සළකා එම අවස්ථාව ලබාදුන් අතර ඔවුන්ට පදක්කම් ප්‍රදානය නොවුණත් තරගාවලියේ හොඳම දක්ෂතා වාර්තා කිරීම සැළකිල්ලට ගනිමින් ආසියානු තරග අවස්ථා සඳහා හිමිකම් ලබා දුන්නේය.

මෙවර කාන්තා රන් පදක්කම දිනා ගත් ඉමේෂා මධුෂානි නන්දසේන නැගෙනහිර පළාත නියෝජනය කරමින් ජාතික රට හරහා දිවීමේ තරග කාන්තා රන් පදක්කම දිනාගත් පළමු ක්‍රීඩිකාව බවට පත්වූවාය. පිරිමි රන් පදක්කම දිනාගත් මධ්‍යම පළාතේ එස්. චන්ද්‍රදාසන් ගියවර (2017) තරගාවලියේ සිව්වැනි ස්ථානයට පත් ක්‍රීඩකයායි.

මෙම වසරට නියමිත 44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු තරග ඉසව්ව ලෙස නුවරඑලියේදී පැවැති ජාතික රට හරහා දිවීමේ තරගාවලියට සියලු පළාත් නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 82 දෙනෙක් හා ක්‍රීඩිකාවෝ 47 දෙනෙක් සහභාගි වූහ.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය ගොල්ෆ් පිටියේදී තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය පැවැත්වුණි.


රට හරහා දිවීමේ (පිරිමි) තරගයේ නිල ප්‍රතිඵල

1. එස්. චන්ද්‍රදාසන් (මධ්‍යම - විනාඩි 33 තත්ත්පර 25)
2. ලයනල් සමරජීව (මධ්‍යම - 33.31)
3. එරන්ද තෙන්නකෝන් (ඌව - 33.33)
4. සමන් කුමාර (ඌව - 34.05)
5. ජී. පී. ඒ. ජේ. කේ. බණ්ඩාර (මධ්‍යම - 34.17)
6. ආර්. එම්. එන්. ඒ. බණ්ඩාර (මධ්‍යම - 37.24)
7. ආර්. ඒ. පී. ජී. අරුණසිරි (උතුරු මැද - 37.24)
8. එන්. ජී. ඒ. බණ්ඩාර (මධ්‍යම - 34.29)
9. එස්. එච්. ඒ. එල්. සිරිමාන්න (බස්නාහිර - 34.29)
10. ඩී. ජී. ජගත් විජේනායක (මධ්‍යම - 34.50)


රට හරහා දිවීමේ (පිරිමි) තරගයේ නිල ප්‍රතිඵල

1. ඉමේෂා මධුෂානි නන්දසේන (නැගෙනහිර - විනාඩි 39 තත්ත්පර 49)
2. ශ්‍යාමලී අනුෂා ළමාහේවගේ (ඌව - 40.19)
3. වී. ජී. එල්. අනුරාධි (මධ්‍යම - 40.19)
4. තිලාන් ආරියදාස (සබරගමුව - 41.29)
5. මධුමාලි පෙරේරා (බස්නාහිර - 41.59)
6. වේලු ක්‍රිෂාන්තිනි (මධ්‍යම - 42.13)
7. කුමාරි ප්‍රනාන්දු (බස්නාහිර - 42.49)
8. රත්නමාලි අමරසිංහ (ඌව - 42.58)
9. ජේ. එස්. එන්. බණ්ඩාර (සබරගමුව - 43.14)
10. ඩබ්. ඒ. එන්. එච්. වික්‍රමසිංහ (මධ්‍යම-43.26)


කණ්ඩායම් ශූරතාව

(පිරිමි):- ශූරතාව-මධ්‍යම පළාත, අනුශූරතාව-ඌව පළාත, තෙවැනි ස්ථානය:- උතුරු මැද පළාත,
(කාන්තා):- ශූරතාව-මධ්‍යම පළාත, අනුශූරතාව-බස්නාහිර පළාත, තෙවැනි ස්ථානය-ඌව පළාත  
  
          

 

 


අදහස් (0)

චන්ද්‍රදාසන් - මධුෂානි රන් පදක්කම් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.