Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner චනිඳුගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

චනිඳුගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වැලිසර නාවික හමුදා වෙඩි පිටියේ පැවති ජාතික වෙඩිතැබීමේ ශූරතාවලියේ වායු රයිෆල් ඉසව්වේ යොවුන්, කනිෂ්ඨ සහ විවෘත කාණ්ඩවල රන් පදක්කම් දිනාගැනීමට කුරුණෑගල මලියදේව විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එස්.එම්. චනිඳු සමදිත් සේනානායක සමත් විය.

ජාතික වෙඩිතැබීමේ සංගමය සංවිධානය කළ මෙම තරගාවලියේදී වායු රයිෆල් මීටර 10 ඉසව්වේ විවෘත කාණ්ඩය යටතේ චනිඳු දැක්වූ දක්ෂතාව ශ්‍රී ලංකා වාර්තාවක්ද විය. ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන පළපුරුදු තරගකරුවන් සමග කරට කර තරගයක නිතර වූ චනිඳු, තවමත් 14 වැනි වියේ පසුවන ක්‍රීඩකයෙකි.

මෙම ජයග්‍රහණයන්ට අමතරව 2017 වසරේ ජපානයේ පැවති 10 වැනි ආසියානු වායු තුවක්කු යොවුන් තරගාවලියේදී රටවල් රැසක තරගකරුවන් අතරින් ආසියාවේ 20 වැනි ස්ථානය දිනාගැනීමට චනිඳු සමත් වූ අතර, එහිදී ඔහු දැක්වූ දක්ෂතාවද ශ්‍රී ලංකා වාර්තාවක් විය.

පසුගිය වසරේ වැලිසරදී පැවති ජාතික වෙඩිතැබීමේ ශූරතාවලියේදීද මීටර 10 යොවුන් කාණ්ඩයේ රන් පදක්කම දිනාගැනීමට චනිඳු සමත් වූ අතර, එම වසරේදීම නාවික හමුදා විවෘත වෙඩිතැබීමේ ශූරතාවලියේ මීටර 10 වායු රයිෆල් ඉසව්වේ යොවුන් සහ කනිෂ්ඨ ඉසව්වන්වල රන් පදක්කම්ද ඔහු සතුවිය. එම තරගාවලියේදී චනිඳු දක්ෂතම වෙඩි තබන්නා ලෙසද සම්මාන ලැබීය.

තවද 2017 වසරේ ශ්‍රී ලංකා පාසල් වායු රයිෆල් සහ වායු පිස්තෝල වෙඩි තැබීමේ ශූරතාවලියේ දක්ෂම වෙඩිතැබීමේ ශූරයා, 2016 වසරේදී මීටර 10 යොවුන් වායු රයිෆල් ඉසව්වේ රිදී පදක්කම මෙන්ම 2015 වසරේදී මීටර 10 යොවුන් වායු රයිෆල් ඉසව්වේ ලෝකඩ පදක්කමද ඔහු විසින් දිනාගනු ලැබීය.


- 036

 


අදහස් (0)

චනිඳුගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.