Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දිනයේ එකම නව වාර්තාව පිහිටුවමින් 44 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ අද (12) ආරම්භ වූ මලල ක්‍රීඩා තරගාවලියේ අද දිනයේ කැපී පෙණුනුම ක්‍රීඩකයා බවට පත්වීමට වයම පළාතේ චරිත් කපුකොටුව සමත්විය. ඒ මිටිය විසිකිරීම (පිරිමි) ඉසව්වෙන් මිටර 50.26ක දක්‍ෂතාවයක් දක්වමිනි.
නිලානි රත්නායක |
44 වැනි ජාතික මහ ක්‍රිඩා උළලේ මලල ක්‍රීඩා තරගාවලිය හෙටත්, අනිද්දාත් (13-14) පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. මිටිය විසිකිරීම ඉසව්ව වසර 2016 සිට ජාතික මහා ක්‍රීඩා උළෙලට හඳුන්වාදී තිබේ.
මිටිය විසි කිරිමේ ජාතික වාර්තාවට ද (මීටර 52.53) හිමිකම් කියන චරිත් කපුකොටුව වසර 2014 තරගාවලියේදී මීටර 49.69 කට පිහිටුවා තිබූ තරග වාර්තාව ඔහු විසින්ම අද බිඳ දැමීමට සමත්විය.
අද දිනයේ වඩාත්ම කැපී පෙනුනු මලල ක්‍රීඩකයා බවට පත්වූ දැනට ඇමරිකාවේ වෙසෙන චරිත් කපුකොටුව මීටර 51.22කට කවපෙත්ත විසිකිරීම (පිරිමි) ඉසව්වේ රන් පදක්කමද දිනා ගනිමින් දස්කම් දැක්වීමට සමත්වීම කැපී පෙණුනි.
මේ අතර පිට පිටම අටවැනි වතාවටත් උස පැනීම (පිරිමි) ඉසව්වේ රන් පදක්කම දිනා ගත් මංජුල කුමාර විජේසේකර මීටර 2.21 කට එහි රන් පදක්කම දිනා ගත්තේය. ඔහු ජාතික මහ ක්‍රීඩා උළෙලකදී දිනාගත් 11 වැනි රන්පදක්කම මෙම දස්කමත් සමඟ වාර්තා විය.
අද ජයග්‍රහණය ඔහුට සුවිශේෂී වූයේ පැවැති ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ඔහු වසර ගණනාවකට පසුව පළමු වතාවට උෂාන් තිවංක පෙරේරා හමුවේ පරාජයට පත්වීම නිසාය.
එහිදී උෂාන් තිවංක මීටර 2.18ක් පනිද්දි මංජුල කුමාර විජේසේකරගේ පිම්ම මීටර 2.15 කට සීමා විය. මංජුල කුමාර අද ජයග්‍රහණයෙන් පසුව පැවසුවේ මෙය බොහෝවිට තමන් තරග වැදුණු අවසන් ජාතික මහ ක්‍රීඩා උළෙල විය හැකි බවයි.
44 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය 14 වැනිදා පස්වරු 4ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වීමට නියමිතය.
මංජුල කුමාර විජේසේකර
රුමේෂිකා රත්නායක
කුමාර් ශන්මුගේෂ්වරන් (ඉදිරියෙන්)
සචිනි කෞෂල්‍යා
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.