Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ජාතික පාපැදි ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 160ක්

ජාතික පාපැදි ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 160ක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොල්ලුපිටිය - දෙහිවල සමුද්‍රාසන්න මාර්ගයේදී හෙට සහ අනිද්දා (23-24) පැවැත්වීමට නියමිත ජාතික පාපැදි ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160 දෙනෙකු සහභාගි වීමට නියමිත බව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය පවසයි.

තරගාවලියේ සියලු ඉසව්හි ආරම්භය කොල්ලුපිටිය ජාතික වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිටින්  සිදු කෙරේ. තරගාවලියේ සමාරම්භක උත්සවය නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

තරගාවලියේ එම දෙදින ඉසව් පැවැත්වෙන කාල සීමාවන් තුළදී කොල්ලුපිටිය - දෙහිවල සමුද්‍රාසන්න මාර්ගය  වසා තැබෙන බව රථවාහන පොලිසිය පවසයි.

ඒ අනුව හෙට (23) කාලය මැනීමේ සුපිරි පිරිමි හා කාන්තා, වයස 23න් පහළ පිරිමි, කනිෂ්ඨ කාන්තා හා පිරිමි යන ඉසව් පැවැත් වේ.
අනිද්දා (24) මාර්ග ධාවන කාන්තා වයස 23න්  පහළ සුපිරි පිරිමි හා කාන්තා, කනිෂ්ඨ කාන්තා හා පිරිමි, වයස 16න් පහළ බාලක හා බාලිකා (ස්ටෑන්ඩඞ්), වයස 40න් ඉහළ, 50න් ඉහළ හා 60න් ඉහළ ප්‍රවීණයන්ගේ තරග ඉසව් ද පැවැත්වීම කටයුතු යොදා තිබේ.

එදින තරගාවලිය නිමාවේ ජය සංකේත ප්‍රදානෝත්සවය ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා, ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග හා බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

ජාතික පාසල් ශූරතාවලිය පැවැත්වෙන්නේ වසර දෙකකට පසුවය. 


අදහස් (0)

ජාතික පාපැදි ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 160ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.