Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ජාතික කඩු හරඹ ශූරතාවලිය 11-12 පන්නලදී

ජාතික කඩු හරඹ ශූරතාවලිය 11-12 පන්නලදී

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

ජාතික කඩු හරඹ සංගමය සංවිධානය කරන සිව්වැනි ජාතික කඩු හරඹ ශූරතාවලිය මේ මස 11 සහ 12 යන දෙදින පන්නල ස්ලිම් ලයින් ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවැත්වේ.

සැහැල්ලූ අසිපත් (ෆොයිල්), බර අසිපත් (එපී), දෙපිට මුවහත් අසිපත් (සබ්‍ර්) යන කාණ්ඩ 3 යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේදී පිරිමි සහ කාන්තා අංශ සඳහා කේවල සහ කණ්ඩායම් වශයෙන් තරග පැවැත්වේ.

ස්ලිම්ලයින්, යුනිචෙලා, සිලූවේටා, එම්. ඞී. එස්., තුරුලි, සදර්න්, ස්ලිම්ටෙක්ස්, රැපිඞ් සහ ලීනියා යන කී‍්‍රඩා සමාජ 9 නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 150 ක් පමණ මෙවර තරගාවලියට එක්ව සිටිති.

කේවල අංශයේදී මූලික වටයේ තරග වලින් එක් එක් අසිපත් කාණ්ඩ යටතේ (ෆොයිල්, එපී, සබ්‍ර්) ඉහළම දස්කම් දක්වන කඩු හරඹ කී‍්‍රඩකයන් 8 දෙනා බැගින් තෝරාගෙන, අර්ධ අවසන් පූර්ව වටයට යොමු කෙරේ. එතැන් සිට පිළිමළුන් පිටුදැකීමේ ක‍්‍රමයට තරග පැවැත්වේ.

අවසන් මහ තරග වලට සුදුසුකම් ලබාගන්නා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට රන් සහ රිදී පදක්කම් හිමිවන අතර අවසන් පූර්ව වටයෙන් පරාජය වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට තෙවැනි ස්ථානය තෝරාගැනීමේ තරගයකින් තොරවම ලෝකඩ පදක්කම් හිමිවේ.

කණ්ඩායම් අංශයේ තරග වලදී එක් කණ්ඩායමක් තවත් කණ්ඩායමක් සමග තරගවදින විට කී‍්‍රඩිකාවන් ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායමේ කී‍්‍රඩිකාවන් සමගද, කී‍්‍රඩකයන් ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායමේ කී‍්‍රඩකයන් සමගද සටන්වැදීම සිදුවේ.

තරගාවලියේ සමස්ත ශූරතාව සහ අනුශූරතාවට අමතරව දක්ෂතම කඩු හරඹ කී‍්‍රඩකයා සහ කී‍්‍රඩිකාව සඳහාද මෙහිදී කුසලාන පිරිනැමීමට නියමිතය.

ඉකුත් වසරේ පැවැති ජාතික කඩු හරඹ තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය සමත් වූ අතර එහි අනුශූරතාව යුනිචෙලා කී‍්‍රඩා සමාජයට හිමිවිය.

එහිදී දෙපිට මුවහත් අසිපත් (සබ්‍ර්) කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනාගත් යුනිචෙලා කී‍්‍රඩා සමාජයේ මංජුල ප‍්‍රනාන්දු තරගාවලියේ දක්ෂතම කඩු හරඹ ක‍්‍රීඩකයා ලෙසත්, එම කාණ්ඩයේම කාන්තා ශූරතාව දිනාගත් ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයේ අනුරුද්ධිකා ධනංජලී දක්ෂතම කඩු හරඹ කී‍්‍රඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ.

 


අදහස් (0)

ජාතික කඩු හරඹ ශූරතාවලිය 11-12 පන්නලදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.