Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ජාතික දල්පන්දු ශූරතාව යුද හමුදාවට

ජාතික දල්පන්දු ශූරතාව යුද හමුදාවට

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

ජාතික දැල්පන්දු කුසලාන පළමු වතාවට දිනා ගැනීමට යුද හමුදා කී‍්‍රඩිකාවෝ අද (20) සමත් වූහ. මාතර පාපන්දු පිටියේදී අද සවස නිමාවූ ජාතික දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහ තරගයේදී ලකුණු 51-47 ක් ලෙසට ප‍්‍රබල හැටන් නැෂනල් බැංකු කණ්ඩායම පරාජයට පත් කරමින් ශී‍්‍ර ලංකා යුද හමුදා කණ්ඩායම ශී‍්‍ර ලංකා දැල්පන්දු පිටියේ අලූත්ම පෙරළිකාරියන් බවට පත් විය.

යුද හමුදා ක‍්‍රීඩා සමාජය ප‍්‍රධානතම දැල්පන්දු තරගාවලි ජයක් වාර්තා කළේ වසර 21 කට පසුවය.
අවසන් වරට පැවැති (2011) ජාතික දැල්පන්දු ශූරතාවලිය ජයගත් සෙලාන් බැංකු කණ්ඩායම අවසන් පූර්ව වටයේදී ලකුණු තුනකින් පරාජයට පත් කරමින් යුද හමුදා පිල අවසන් තරගයට දොරටු විවර කර ගත්තේය.

රාජ්‍ය සේවා දැල්පන්දු සංගමය නියෝජනය කරමින් මෙවර යුද හමුදා කණ්ඩායම තරග වැදුනි. එහි විශේෂත්වය ජාතික දැල්පන්දු තරගාවලියේ වසර ගණනාවක් පුරා අණසක පතුරුවමින් සිටි වෙළඳ සේවා දැල්පන්දු සංගමයේ පරාජයයි.

එම සංගමය නියෝජනය කළ සෙලාන් බැංකු කණ්ඩායම මෙන්ම හැටන් නැෂනල් බැංකු කණ්ඩායම ද යුද හමුදා ක‍්‍රීඩිකාවන් වෙතින් ලද පරාජය කැපී පෙනේ. අර්ධ අවසන් පූර්ව වටයේදී යුද හමුදා කණ්ඩායමට පරාජය වූයේ ගුවන් හමුදා කණ්ඩායමය.

අවසන් මහ තරගයේ පළමු වටය ලකුණු 10-10 ක් ලෙස සම වුවත් සෙසු තරග වට තුනේදී 17-15, 13-09, 14-12 ක් ලෙස පෙරමුණ ගැනීමට යුද හමුදා ක‍්‍රීඩිකාවෝ සමත් වූහ.

එහිදී ඔවුන්ගේ පන්දු විදින්නිය ලෙස කටයුතු කළ කාංචනා ජයවීර ක‍්‍රීඩිකාව විශිෂ්ට දස්කම් පළ කළ අතර එහිදී ඇය හොඳම පන්දු විදින්නිය හා දැල්පන්දු රැජන ලෙස ද්විත්ව සම්මාන ලැබුවාය.
ශ්‍රී ලංකා දැල්පන්දු සංගමය මාතර දිස්ති‍්‍රක් දැල්පන්දු සංගමයේ සහයෝගයෙන් සංවිධානය කළ මෙවර තරගාවලියේ මූලික තරග මාතර උයන්වත්ත පිටියේදී පෙරේදා (19) පැවැත්වුණි. මහජන බැංකුව තරගාවලියට අනුග‍්‍රහය දැක්වීය. ශිරන්ති රාජපක්‍ෂ හා ප‍්‍රියංකා මානෙල් යන මහත්මීහු අවසන් තරගය විනිශ්චය කළහ.

අවසන්වරට ජාතික දැල්පන්දු තරගාවලිය වසර 2011 දී පැවැත් වුණි. එහි ශූරියන් වූයේ වෙළෙඳ සේවා සංගමය නියෝජනය කළ සෙලාන් බැංකු කණ්ඩායමය. මෙවර තරගාවලියට දිස්ති‍්‍රක් හා අනුබද්ධ දැල්පන්දු සංගම් 20කින් කණ්ඩායම් 28 ක් සහභාගි වූහ.


අවසන් පූර්ව තරග ප‍්‍රතිඵල

  • යුද හමුදා කණ්ඩායම විසින් සෙලාන් බැංකු කණ්ඩායම පරාජය කරන ලදී (37-34)
  • හැටන් නැෂනල් බැංකු කණ්ඩායම විසින් වරාය අධිකාරි කණ්ඩායම පරාජය කරන ලදී (21-19)

තෙවැනි ස්ථානය:

  • සෙලාන් බැංකු කණ්ඩායම විසින් වරාය අධිකාරිය කණ්ඩායම පරාජය කරන ලදී. (47-30)

අවසන් මහ තරගය

  • යුද හමුදා කණ්ඩායම විසින් හැටන් නැෂනල් බැංකු කණ්ඩායම පරාජය කරන ලදී.

විශේෂ සම්මාන:

  • දැල්පන්දු රැජන හා හොඳම පන්දු විදින්නිය - කාංචනා ජයවීර (යුද හමුදාව)
  • දක්‍ෂතම පන්දු රකින්නිය - නව්ජලී රාජපක්‍ෂ (යුද හමුදාව)
  • දක්‍ෂතම නැගී එන ක‍්‍රීඩිකාව - ගයාත‍්‍රි වික‍්‍රමගේ (මාතර)
  • දක්‍ෂතම මැද පෙළ කී‍්‍රඩිකාව - ජාලිය කුමාරි (සෙලාන් බැංකුව)

 


අදහස් (3)

ජාතික දල්පන්දු ශූරතාව යුද හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.