Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ජෙරේන්ට් තෝමස් පෙරමුණ ගනී

ජෙරේන්ට් තෝමස් පෙරමුණ ගනී

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලොව පැරණිතම පාපැදි සවාරිය ලෙස සැලකෙන ප්‍රංශ පාපැදි සවාරියේ දෙවැනි අදියර ජය ගැනීමට ජර්මනියේ මර්සෙල් කිටෙල් සමත් විය. කිලෝ මීටර් 203.5 ක දුරකින් සමන්විත වූ එම අදියර ජර්මනියේ ඩුසෙල්ඩ්‍රොර්ෆ් නුවරින් ආරම්භ වී බෙල්ජියමයේ ලීග් නුවරින් නිමාවට පත් වූ අතර එම අදියර නිමා කිරීම සඳහා කිටෙල්ට ගත වූ කාලය පැය 4.37:06 කි.

දෙවැනි අදියර ජයගැනීමට කිටෙල් සමත් වුවද, පළමු අදියර නිමා කිරීමට ගතකළ කාලයත් සමග ගත්කල තවදුරටත් සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට මහ බි්‍රතාන්‍යයේ ජෙරේන්ට් තෝමස් සමත්ව සිටියි. සමස්ත තරගය ප්‍රතිඵලය අනුව කිටෙල්ට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.

කිටෙල් සමග එක පොකුරේ පැමිණ තරගය අවසන් කළ ප්‍රංශයේ අර්නවුඞ් ඩෙමරේ දෙවැනි අදියරේ දෙවැනි ස්ථානයත්, ජර්මනියේ ඇන්ඩි්‍ර ග්‍රේපල් එහි තෙවැනි ස්ථානයත් හිමිකරගත්හ. මහ බ්‍රිතාන්‍යයේ මාර්ක් කැවෙන්ඩිෂ් සහ නෙදර්ලන්තයේ ඩයිලන් ජොඑනෙවැගන් පිළිවෙලින් දෙවැනි අදියරේ සිවුවැනි සහ පස්වැනි ස්ථාන වලට පත් වූහ.

ඉකුත් වසරේ ප්‍රංශ පාපැදි සවාරිය ජයගත් ජර්මනියේ ක්‍රිස්ටෝපර් ෆෝම් දෙවැනි අදියර අවසන් වීමට කිලෝ මීටර් 30 ක් පමණ තිබියදී අනතුරකට ලක්වූ අතර ඒ හේතුවෙන් ඔහු දෙවැනි අදියර නිමා කළ මුල් ක්‍රීඩකයන් 10 දෙනා අතර පැමිණීමට නොහැකි විය. කෙසේ වුවත් සමස්ත තරගයේ 6 වැනි ස්ථානය හිමිකරගෙන සිටින ෆෝම්, එහි පෙරමුණේ පසුවන ජෙරේන්ට් තෝමස්ට වඩා තත්ත්පර 12 ක් පසුපසින් සිටියි.

පාපැදි සවාරියේ තෙවැනි අදියර අද (3 වැනිදා) වර්වියර්ස් නරගයෙන් ආරම්භ වී ලෝන්වි නගරයෙන් අවසන් වන අතර එහි මුලු දුර ප්‍රමාණය කිලෝ මීටර් 212.5 කි.  


සමස්ත තරගයේ ප්‍රතිඵලය

1 ජෙරේන්ට් තෝමස් (මහ බ්‍රිතාන්‍යය) - පැය 4.53:10
2 ස්ටෙෆාන් කුන් (ස්විට්සර්ලන්තය) - පැය 4.53:15
3 මර්සෙල් කිටෙල් (ජර්මනිය) - පැය 4.53:16
4 වැසිල් කිර්යෙන්කා (බයිලොරුසියාව) - පැය 4.53:17
5 මැටේඕ ටේ‍රන්ටින් (ඉතාලිය) - පැය 4.53:20
6 ක්‍රිස්ටෝපර් ෆෝම් (මහ බි්‍රතාන්‍යය) - පැය 4.53:22
7 ජොස් වැන් එම්ඩෙන් (නෙදර්ලන්තය) - පැය 4.53:25
8 මයිකල් ක්වියාකොව්ස්කි (පෝලන්තය) - පැය 4.53:25
9 එඞ්වල්ඞ් බුවාසන් (නොර්වේ) - පැය 4.53:26
10 නිකියාස් අර්ඞ්ට් (ජර්මනිය) - පැය 4.53:26

 

 

- 036

 


අදහස් (0)

ජෙරේන්ට් තෝමස් පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.