Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ජෙරේන්ට් තෝමස් පෙරමුණ රැකගනී

ජෙරේන්ට් තෝමස් පෙරමුණ රැකගනී

ශනුක අරවින්ද - 2017 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලොව පැරණිතම පාපැදි සවාරිය ලෙස සැලකෙන ප්‍රංශ පාපැදි සවාරියේ තෙවැනි අදියර ජය ගැනීමට ස්ලෝවැකියාවේ පීටර් සැගන් සමත් විය.

කිලෝ මීටර් 212.5 ක දුරකින් සමන්විත වූ එම අදියර ප්‍රංශයේ වර්වියර්ස් නරගයෙන් ආරම්භ වී ලෝන්වි නගරයෙන් නිමාවට පත් වූ අතර එම අදියර නිමා කිරීම සඳහා සැගන්ට ගත වූ කාලය පැය 5.07:19 කි.

තෙවැනි අදියර ජයගැනීමට සැගන් සමත් වුවද, පළමු සහ දෙවැනි අදියර නිමා කිරීමට ගතකළ කාලයත් සමග ගත්කල තවදුරටත් සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට මහ බ්‍රිරතාන්‍යයේ ජෙරේන්ට් තෝමස් සමත්ව සිටියි. තෝමස්ට වඩා තත්ත්පර 13 ක් පසුපසින් සිටින සැගන්ට සමස්ත තරගය ප්‍රතිඵලය අනුව හිමිව ඇත්තේ සිවුවැනි ස්ථානයයි.

සැගන් සමග එක පොකුරේ පැමිණ තරගය අවසන් කළ ඕස්ටෙලියාවේ මයිකල් මැතිව්ස්, ඉතාලියේ ඩැනියෙල් මාටින්, සහ බෙල්ජියමේ ග්‍රෙග් වැන් ඇවමේට් පිළිවෙලින් තෙවැනි අදියරේ දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථාන හිමිකරගත්හ.

ඉකුත් වසරේ ප්‍රංශ පාපැදි සවාරිය ජයගත් ජර්මනියේ ක්‍රිස්ටෝපර් ෆෝම් මෙවර තරගාවලියේ තෙවැනි අදියර නිමා කළේ 9 වැනියා ලෙසිනි. කෙසේ වුවත් සමස්ත තරගයේ ප්‍රතිඵලයට අනුව පෙරමුණේ පසුවන තෝමස්ට වඩා තත්ත්පර 12 ක් පසුපසින් සිටින ෆෝම්ට හිමිව ඇත්තේ එහි 2 වැනි ස්ථානයයි.

පාපැදි සවාරියේ තෙවැනි අදියර අද (4 වැනිදා) විටෙල් නරගයෙන් ආරම්භ වී ලක්සම්බර්ග් නගරයෙන් අවසන් වන අතර එහි මුලු දුර ප්‍රමාණය කිලෝ මීටර් 203.8 කි.  

සමස්ත තරගයේ ප්‍රතිඵලය
1 ජෙරේන්ට් තෝමස් (මහ බි්‍රතාන්‍යය) - පැය 10.00:31
2 ක්‍රිස්ටෝපර් ෆෝම් (මහ බි්‍රතාන්‍යය) - පැය 10.00:43
3 මයිකල් මැතිවුස් (ඕස්ටෙලියාව) - පැය 10.00:43
4 පීටර් සැගන් (ස්ලෝවැකියාව) - පැය 10.00:44
5 එඞ්වල්ඞ් බුවාසන් (නොර්වේ) - පැය 10.00:47
6 රොජර් ලැටුවර් (ප්‍රංශය) - පැය 10.00:56
7 පිලිප් ගිල්බර්ට් (බෙල්ජියම) - පැය 10.01:01
8 මයිකල් ක්වියාට්කොව්ස්කි (පෝලන්තය) - පැය 10.01:02
9 ටිම් වෙලන්ස් (බෙල්ජියම) - පැය 10.01:02
10 නිකියාස් අර්ඞ්ට් (ජර්මනිය) - පැය 10.01:34

 

-036

 


අදහස් (0)

ජෙරේන්ට් තෝමස් පෙරමුණ රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.