Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක ටෙනිස් පිටියේ නොම්මර එකේ කී‍්‍රඩක නොවැක් ජොකෝවික් අමෙරිකානු ඩොලර් මිලියන 100 ක තෑගි මල්ල පුරවා ගත් පළමු කී‍්‍රඩකයා ලෙස වාර්තා පොතට එක්වෙමින් දසවැනි වතාවටත් ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් අටට එක්වීමත් අද (1 වැනිදා) සමත්විය.
මේ 29 හැවිරිදි සර්බියානුවා මෙවර ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියට එක්වෙද්දී ඔහුගේ තෑගි මුදල් මල්ල ඩොලර් මිලියන 99,673,404 කින් තර කරගෙන සිටියේය. අද පැවැති තරගයේදී ස්පාඤ්ඤයේ රොබේටෝ බවුටිස්ටා පරාජය කරමින් අවසන් අටට රිංගා ගැනීමත් සමග තවත් ඩොලර් මිලියන 328,303කට හිමිකාරයා වූයේ අනිත් බොහෝ වාර්තා මෙන්ම මේ විරල වාර්තාවත් තමා සන්තකයේ රඳවා ගනිමිනි.
ලෝක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන ජොකෝවික් එහි 14 වැනි තැන සිටින බවුටිස්ටා ආගට් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ ලකුණු 3-6 ක්, 6-4 ක්, 6-1 ක් සහ 7-5 ක් ලෙසින් ජය ගනිමිනි. ඒ තමාගේ තරග 36ක ග‍්‍රෑන්ඞ් ස්ලෑම් තරග ඉතිහාසයේ 28 වැනි වතාවටය.
හෙට පැවැත්වෙන අවසන් අටේ තරග වටයේ දී ජොකෝවික්ගේ ප‍්‍රතිවාදියා බවට පත්වී සිටින්නේ ශ්‍රේණිගත කිරීම්වල 11 වැනි තැන පසුවන ස්පාඤ්ඤයේ ඬේවිඞ් ෆෙඩරර් ලකුණු 6-3 ක්, 7-5 ක් සහ 6-3 ක් ලෙස පරාජයට පත්කළ චෙක් රාජ්‍යයේ තෝමස් බෙර්ඩිච්ය.
ජොකෝවික්ට එරෙහිව තරග 23-2ක දුර්වල ඉතිහාසයකට හිමිකම් කියන බෙර්ඩිච් හෙට රෝලන්ඞ් ගැරොස් ටෙනිස් පිටියට පා තබන්නේ ප‍්‍රංශ විවෘත ටෙනිස් තරගාවලි ඉතිහාසයේ සිය තුන්වැනි අර්ධ අවසන් පූර්ව තරගයට එක්වීමටය.
තරගාවලි 4 කින් සමන්විතව වාර්ෂිකව පැවැත්වෙන ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා මාලාවක් සම්පූර්ණ කිරීමට සිය මංගල ප‍්‍රංශ විවෘත ටෙනිස් කිරුළ හඹා යන ජොකෝවික් අවසන් අටට පිවිසියේ ඊයේ පැවැති සිවුවැනි වටයේ තරගයේ දී බවුටිස්ටාට එරෙහිව තරග වට 4-1කින් පෙරමුණේ සිටිය දී වර්ෂාව පතිත වීමෙන් එම තරගය අවලංගු කිරීමෙන් පසුවය.
මේ අතර ස්පාඤ්ඤයේ මාර්සල් ග‍්‍රැනොලර්ස් ලකුණු 6-2, 6-7, 6-1 සහ 6-4ක් ලෙස පරදවා පළමු වතාවට ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සේන්දුවීමට ඕස්ටි‍්‍රයාවේ ඩොමිනික් තීම් සමත්විය.
වර්ෂාව කඩා වැටුණේ එකිනෙකාට එරෙහිව තවත් තරග වටයක් ඉතිරිව තිබියදීය. එහෙත් ශ්‍රේණිගත කිරීම්වල 13 වැනි තැන සිටින තීම් අද පැවැති ඉතිරි තරග වටය පහසුවෙන් ජයගෙන මේ කඩඉම පැන ගත්තේය.
22 වන වියෙහි පසුවන මේ ඕස්ටි‍්‍රයානුවා අර්ධ අවසන් පූර්ව වටයේ දී ශ්‍රේණිගත කිරිම්වල 12 වැනි තැන සිටින බෙල්ජියමේ ඬේවිඞ් ගොෆින් සමග තරග වැදීමට නියමිතය. ප‍්‍රංශ විවෘත ටෙනිස් ඉතිහාසයේ පිරිමි අවසන් අටට ගිය දෙවැනි බෙල්ජියානුවා ඔහුය.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.