Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ඩබ්ලිව්.එස්.ඕ.2 ලංකා පිලට තියුණු ජයක්

ඩබ්ලිව්.එස්.ඕ.2 ලංකා පිලට තියුණු ජයක්

ශනුක අරවින්ද - 2018 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘බී’ කාණ්ඩායේ කාන්තා මූලික වටයේ තරගයකදී ස්ටෑන්ඩඞ් චාටඞ් කණ්ඩායමට එරෙහිව ලකුණු 35-33 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඩබ්ලිව්.එස්.ඕ.2 ලංකා කණ්ඩායම සමත් විය.

පළමු අර්ධය අවසානයේ ලකුණු 15-9 ක් ලෙස පෙරමුණ ගැනීමට  ස්ටෑන්ඩඞ් චාටඞ් ක්‍රීඩිකාවෝ සමත් වුවත්, දෙවැනි අර්ධය නිමාවන විට දෙපිලම ලකුණු 28 බැගින් ලබා සිටීම හේතුවෙන් තරගයේ ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා අතිරේක කාලයක් ලබාදීමට විනිසුරුවරයා පියවර ගත්තේය.

අතිරේක කාලයේදී ලකුණු 7 ක් රැස්කළ ඩබ්ලිව්.එස්.ඕ.2 ලංකා ක්‍රීඩිකාවෝ තරගයේ ජය තමන් සතු කරගත් අතර එහිදී ස්ටෑන්ඩඞ් චාටඞ් ක්‍රීඩිකාවන්ට රැස්කරගත හැකිවූයේ 5 ක් පමණි.

ලකුණු 18 ක් රැස්කළ ඩබ්ලිව්.එස්.ඕ.2 ලංකා කණ්ඩායමේ අස්මා කාදර් එම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය. මෙම තරගය තිඹිරිගස්යාය හෙන්රි ප්‍රේද්‍රිස් පැසිපන්දු පිටියේදී පැවැත්විණ.

-036

 


අදහස් (0)

ඩබ්ලිව්.එස්.ඕ.2 ලංකා පිලට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.