Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner ඩයලොග් ක්‍රීඩකයෝ හැටන් නැෂනල් පිල පරදවති

ඩයලොග් ක්‍රීඩකයෝ හැටන් නැෂනල් පිල පරදවති

Nisanka Sandeepani - 2018 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩායේ පිරිමි මූලික වටයේ තරගයකදී හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට එරෙහිව ලකුණු 61-46 ක ජයක් වාර්තා කිරීමට ඩයලොග් කණ්ඩායම සමත් විය. 
 
පළමු අර්ධය අවසානයේ ලකුණ 26-25 ක් ලෙස පෙරමුණ ගත් ඩයලොග් ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 35 ක් එක්කරගත්හ. හැටන් නැෂනල් ක්‍රීඩකයන්ට දෙවැනි අර්ධයේදී රැස්කරගත හැකි වූයේ ලකුණු 21 ක් පමණි. 
 
තිඹිරිගස්යාය හෙන්රි පේද්‍රිස් පැසිපන්දු පිටියේදී පැවැති මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලකුණු 28 ක් රැස්කළ ඩයලොග් කණ්ඩායමේ සඳරු වික්‍රමසිංහ සම්මාන දිනාගත්තේය. 
 
තරගාවලියේ 25 වැනි දිනයේදී පැවැති ‘ඩී’ කාණ්ඩායේ තරගයකදී සොෆ්ලොජික් කණ්ඩායම පරාජය කිරීමට සී.ඩී.බී. කණ්ඩායම සමත් වූ අතර ‘ඊ’ කාණ්ඩායේ තරගයකදී අමානා ටකාෆුල් කණ්ඩායම පරාජය කිරීමට ඩබ්ලිව්.එන්.එස් කණ්ඩායම සමත් විය. 
 
‘ඒ’ කාණ්ඩය 
ඩයලොග් කණ්ඩායම විසින් ලකුණු 61-46 ක් ලෙස හැටන් නැෂනල් බැංකු කණ්ඩායම පරාජය කරන ලදි. 
තරගයේ වීරයා - සඳරු වික්‍රමසිංහ (ඩයලොග් කණ්ඩායම) - ලකුණු 28 
 
‘ඩී’ කාණ්ඩය 
සී.ඩී.බී. බැංකු කණ්ඩායම විසින් ලකුණු 76-39 ක් ලෙස සොෆ්ලොජික් කණ්ඩායම පරාජය කරන ලදි. 
තරගයේ වීරයා - සුපුන් ලක්මාල් (සී.ඩී.බී. බැංකු කණ්ඩායම) - ලකුණු 16  
 
‘ඊ’ කාණ්ඩය 
ඩබ්ලිව්.එන්.එස්. කණ්ඩායම විසින් ලකුණු 58-47 ක් ලෙස අමානා ටකාෆුල් කණ්ඩායම පරාජය කරන ලදි. 
තරගයේ වීරයා - රිෆ්ඛාන් නිලාෆිර් (ඩබ්ලිව්.එන්.එස්. කණ්ඩායම) - ලකුණු 30 
 
1
 
eqqe

අදහස් (0)

ඩයලොග් ක්‍රීඩකයෝ හැටන් නැෂනල් පිල පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.