Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner තිසුරි අවසන් පූර්ව වටයට

තිසුරි අවසන් පූර්ව වටයට

ශනුක අරවින්ද - 2015 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ශත සංවත්සර (100) ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත කාන්තා කේවල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට තිසුරි මොල්ලිගොඩ අද (20 වැනිදා) සමත් වූවාය.

අද පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී වට 2-0 ක් ලෙස ශෙනාලි වීරසේකර පරාජය කරමින් තිසුරි මොල්ලිගොඩ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තාය. එම තරගයේ ලකුණු තත්ත්වය 6/0 ක් සහ 6/1 ක් ලෙස සටහන් විය.

මින් පෙර පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදී නෙත්මි වඩුගේ, මේදිරා සමරසිංහ සහ අම්රිතා මුත්තයියා යන කී‍්‍රඩිකාවෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියහ.

ඒ අනුව හෙට (21 වැනිදා) පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරග වලදී තිසුරි මොල්ලිගොඩට එරෙහිව මේදිරා සමරසිංහද, නෙත්මි වඩුගේට එරෙහිව අම්රිතා මුත්තයියාද තරග වැදීමට නියමිතය.

කාන්තා යුගළ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට අම්රිතා මුත්තයියා සහ මේදිරා සමරසිංහගේ කණ්ඩායමත්, නෙත්මි වඩුගේ සහ රුක්ෂිකා විජේසූරියගේ කණ්ඩායමත් සමත් වූහ.

අද පැවැති විවෘත කාන්තා යුගල අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලදී කමලී හේරත් සහ ශෙනාලි වීරසේකර පරාජය කරමින් අම්රිතා මුත්තයියා සහ මේදිරා සමරසිංහ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර නෙත්මි වඩුගේ සහ රුක්ෂිකා විජේසූරිය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ රොෂෙන්කා ප‍්‍රනාන්දු සහ අනිකා සෙනෙවිරත්න පරාජය කරමිනි.

විවෘත කාන්තා කේවල අර්ධ අවසන් පූර්ව වටයේ ප‍්‍රතිඵල

  • තිසුරි මොල්ලිගොඩ විසින් තරග වට 2-0 ක් ලෙස ශෙනාලි වීරසේකර පරාජය කරන ලදි. (6/0, 6/1)

විවෘත කාන්තා යුගල අර්ධ අවසන් පූර්ව වටයේ ප‍්‍රතිඵල

  • අම්රිතා මුත්තයියා සහ මේදිරා සමරසිංහ විසින් තරග වට 2-0 ක් ලෙස කමලී හේරත් සහ ශෙනාලි වීරසේකර පරාජය කරන ලදහ. (6/1, 6/1)
  • නෙත්මි වඩුගේ සහ රුක්ෂිකා විජේසූරිය විසින් තරග වට 2-0 ක් ලෙස රොෂෙන්කා ප‍්‍රනාන්දු සහ අනිකා සෙනෙවිරත්න පරාජය කරන ලදහ. (6/0, 6/0)

 


අදහස් (0)

තිසුරි අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.