Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු ආසියානු කනිෂ්ඨ සහ ආධුනික මේසපන්දු තරගාවලිය පාකිස්තානයේ කරච්චි නුවරදී අද (15 වැනිදා) ආරම්භ විය. දකුණු ආසියානු මේසපන්දු සංගමයේ මගපෙන්වීම යටතේ පාකිස්තානු මේසපන්දු සංගමය සංවිධානය කරන මෙම තරගාවලිය 17 වැනිදා දක්වා පැවැත්වේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 7 දෙනෙක් සහ ක්‍රීඩිකාවෝ 7 දෙනෙක් මෙම තරගාවලියට සහභාගි වන අතර කනිෂ්ඨ තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනා බැගින්ද, ආධුනික තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා බැගින්ද තරග වැදීමට නියමිතය.
මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලා කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කරන්නීය.
නාමල් ගුණසේකර සහ බුද්ධික දික්කුඹුර යන මහත්වරු කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරන අතර අශෝකමාලා තෙන්නකෝන් මහත්මිය කලමණාකාරිණිය සහ බාලිකාවන් බාර නිලධාරිණිය ලෙස කණ්ඩායමට එක්ව සිටින්නීය.
බාලක කනිෂ්ඨ කණ්ඩායම
උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල), ක්‍රිෂාන් වික්‍රමරත්න (මහනුවර විද්‍යාර්ථ විදුහල), සුපුන වරුසවිතාන (කොළඹ ආනන්ද විදුහල) සහ දිෂංක තෙන්නකෝන් (මහනුවර ධර්මරාජ විදුහල)
බාලිකා කනිෂ්ඨ කණ්ඩායම
හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල), චමත්සරා ප්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල), මුතුමාලි ප්‍රියදර්ශනී (අම්බලන්ගොඩ දේවානන්ද විදුහල) සහ ශේෂලා බණ්ඩාර (මහනුවර මහාමායා විදුහල)
බාලක ආධුනික කණ්ඩායම
හේලිත හෙන්ඳාවිතාරණ (කොළඹ රාජකීය විදුහල), හර්ෂණ කරඳවැල (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) සහ තේනුක උභයසේන (කෑගලු විද්‍යාලය)
බාලිකා ආධුනික කණ්ඩායම
තනුෂි රොද්‍රිගූ (මහනුවර මහාමායා විදුහල), ඉමාෂි ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) සහ නතාෂා සඳවිනි (කොළඹ විශාකා විදුහල)
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.