Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner දයාලන් මහ ඇමති කුසලාන ගෙනෙයි

දයාලන් මහ ඇමති කුසලාන ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නුවරඑළිය තුරඟ තරගාවලි මාලාව යටතේ මේ වසරේදී පැවැති පළමු තරගාවලියේ ප්‍රධානතම තරගය වූ මහ ඇමති අභියෝග කුසලාන තරගය ජයගැනීමට දීප්තිකා ජයකොඩි මෙනවියගේ අල්කසබා අසු මෙහෙයවූ එස්.දයාලන් සමත් විය. තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා අතින් අල්කසබා අසුගේ අසරුවා වූ එස්.දයාලන් සහ පුහුණුකරුවා වූ එස්.ඩී. මහේෂ් ජයග්‍රාහී කුසලාන ලබාගත්හ.

මීටර් 1400 ක දුරකින් සමන්විත වූ එම තරගයේ දෙවැනි ස්ථානය, පළමු වරට නුවරඑළිය තුරඟ තරග පිටියේදී තරග වැදුණ පාර්ශුරාම් අසුට හිමි වූ අතර බි්‍රලියන්ට් කට් අසු එහි තෙවැනි ස්ථානයට පත් විය.

තරග 6 කින් සමන්විත වූ මෙම තරගාවලියේදී අසුන් 40 ක් පමණ තරග වැදිණ. එම තරග 6 න් 4 කදීම තමා මෙහෙයවූ අසුන් ජයටැඹ කරා රැගෙන යෑමට ඒ. විෂ්වනාත් අසරුවා සමත් විය. ඉන් අසුන් තිදෙනෙක්ම ෆියර්ලස් අශ්වගාලේ අසුන් වීමද කැපී පෙනෙන සිදුවීමක් විය.

මේ වසරේ (2018) තරග සමය ආරම්භ කරමින් පැවැති මෙම තරගාවලියෙන් පසු නුවරඑළිය වසන්ත සැණකෙළිය වෙනුවෙන් අප්‍රේල් මස 1, 15 සහ 28 යන දිනවලදී තවත් තරගාවලි 3 ක් පැවැත්වීමට රාජකීය තුරඟ තරග ක්‍රීඩා සමාජය කටයුතු යොදා තිබේ.

තරග වැදුණ අසු, එම අසු මෙහෙය වූ අසරුවා සහ අසුගේ හිමිකරු යන අනුපිළිවෙලට පහත දැක්වෙන තරග ප්‍රතිඵල සටහන පෙළගස්වා තිබේ.


තරග ප්‍රතිඵල

චැට්ස්වර්ත් කුසලාන (මීටර් 1070)
ඔනරස් - ඒ. විෂ්වනාත් - ෆියර්ලස් අශ්වගාල

අජිත් චෙට්ටි අනුස්මරණ කුසලාන (මීටර් 1070)
ස්පිරිටඞ් ටච් - ඒ. විෂ්වනාත් - ෆියර්ලස් අශ්වගාල

විලා මයුරණ කුසලාන (මීටර් 1070)
ට්‍රොපිඩෝ - ඒ. විෂ්වනාත් - අනුර දෙල්ගොඩ මහතා

මහ ඇමති අභියෝග කුසලාන (මීටර් 1400)
අල්කසබා - එල්. දයාලන් - දීප්තිකා ජයකොඩි මෙනවිය

සුගතදාස ක්‍රීඩාංගණ කුසලාන (මීටර් 1400)
සෙලෙස්ටියල් ෆයර් - ඒ. විෂ්වනාත් - ෆියර්ලස් අශ්වගාල

ෆා ෆැවිලියන් කුසලාන (1000)
එයාර් බෝන් II - සංජීවන් - හසංග ජයරත්න මහතා

 


අදහස් (0)

දයාලන් මහ ඇමති කුසලාන ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.