Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘රම්බල් ඉන් ද ජංගල්’ යනුවෙන් හැඳින්වෙන දුර්ග චාරිකා පාපැදි සවාරිය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය කේන්ද්‍ර කර ගනිමින් පසුගියදා ආරම්භ විය.
නේපාලය, එංගලන්තය, ජර්මනිය, ඕස්ටේ්‍රලියාව, ඕස්ටි්‍රයාව, හංගේරියාව, ඉතාලිය, ජපානය, නෙදර්ලන්තය, දකුණු අප්‍රිකාව, ස්පාක්‍ද්ක්‍දය, ඇමරිකාව සහ සත්කාරක ශ්‍රී ලංකාව යන රටවල් 13 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 40 දෙනෙක් මෙම පාපැදි සවාරියට එක්ව සිටිති.
මොණරාගල දිස්ත්‍රික්කයේ කුඩා ඔය ප්‍රදේශයෙන් පසුගියදා ආරම්භ වු මෙම පාපැදි සවාරියේදී තරගකරුවන් හපුතලේ, කඵපහන, හෝර්ටන් තැන්න, නුවරඑළිය, රම්බොඩ ආදී කඳු සහිත ප්‍රදේශ අතරින් ගමන් කැරමින් සිය දුශ්කර චාරිකාව මහනුවර නගරයෙන් අවසන් කිරීමට නියමිතය.
අන්තර්ජාතික මවුන්ටන් පාපැදි තරග සංවිධානය කරන ‘යැක් ඇටැක්’ සංගමය මෙම පාපැදි චරිකාව සංවිධානය කරයි. ඒ සඳහා පූර්ණ අනුග්‍රහය ශ්‍රී ලන්කන් හොලිඬේස් සහ ලංකා ස්පෝට්රයිසන් ආයතනය වෙතිනි.
- 090
‘රම්බල් ඉන් ද ජංගල්’ දුර්ග චාරිකා පාපැදි සවාරියේ තවත් සේයාරූ...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.