Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දිවයිනේ ප‍්‍රධානතම පැසිපන්දු තරගාවලියක් වන කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ සිව්වැනි සහ පස්වැනි දිනවල පැවැති තරග වලදී දැඩි සටන් වලින් පසුව තියුණු ජයග‍්‍රහණ ලබා ගැනීමට දොන් බොස්කෝ සහ ආදි තෝමස් යන කී‍්‍රඩා සමාජ කණ්ඩායම් සමත් වූහ.
මෙම දින දෙකේදී කැපීපෙනෙන දස්කම් දැක්වූ දොන් බොස්කෝ කී‍්‍රඩා සමාජය ඔවුන් සහභාගීවූ තරග 2 ම ජයගැනීමට සමත්වූ අතර මේ වන විට ඔවුන් ලබා ඇති සමස්ත ජයග‍්‍රහණ ප‍්‍රමාණය 3 කි.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ‘බී’ කණ්ඩායම සහ කොළඹ කී‍්‍රඩා සමාජයේ ‘බී’ කණ්ඩායමද මේ වන විට ජයග‍්‍රහණ 2 බැගින් ලබා දොන් බොස්කෝ කී‍්‍රඩා සමාජයට පසුපසින් රැදීසිටිති.
පසුගිය දින 2 තුළදී පැවති තියුණුම තරගය ආදි තෝමසුවන්ගේ කී‍්‍රඩා සමාජය සහ හම්බන්තොට යූත් කී‍්‍රඩා සමාජයේ ‘බී’ කණ්ඩායම අතර පැවති තරගය විය. ඉන් ආදි තෝමසුවන්ගේ කී‍්‍රඩා සමාජය ජය වාර්තා කළේ හම්බන්තොට යූත් කී‍්‍රඩා සමාජයේ ‘බී’ කණ්ඩායම ලකුණු 63 - 60 ක් ලෙස පරාජය කරමිනි.
මෙම තරග වලදී ලකුණු 20 ට වඩා රැස්කිරීමට කී‍්‍රඩකයන් දෙදෙනෙක් සමත්වී තිබෙන අතර එහිදී ගී‍්‍රන්ස් කී‍්‍රඩා සමාජයේ ‘බී’ කණ්ඩායම නියෝජනය කරන ලක්මාල් කෝ්ට්ටගේ ලකණු 25 ක් සහ දොන් බොස්කෝ කී‍්‍රඩා සමාජයේ එස්. බරාත් ලකුණු 20 ක් රැස්කරගෙන තිබේ.
අමාල් ජාත්‍යන්තර පාසල් පැසිපන්දු පිටියේදී සහ පොලිස් ක්ෂේත‍්‍ර බලකා මූලස්ථාන පැසිපන්දු පිටියේදී මෙම තරග පැවැත්විණ.
හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩා සමාජය සහ තාරුණ්‍යට හෙටක් සංවිධානය එක්ව මෙම තරගාවලිය සංවිධානය කරයි.
තරග ප‍්‍රතිඵල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.