Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner දිනේෂ්කාන්තන් - අංජලිකා ශූරතා දිනති

දිනේෂ්කාන්තන් - අංජලිකා ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එස්.එස්.සී. ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සමග එක්ව සංවිධානය කළ එස්.එස්.සී. විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට දිනේෂ්කාන්තන් තංගරාජාද, කාන්තා ශූරතාව දිනාගැනීමට අංජලිකා කුරේරාද සමත් වූහ.

හිටපු ජාතික ශූරයෙක් වන දිනේෂ්කාන්තන්, පිරිමි කේවල ශූරතාවට හිමිකම් කීවේ අවසන් මහ තරගයේදී ඉතා තියුණු සටනකින් අනතුරුව යසිත ද සිල්වා පරාජය කරමිනි. ඉන් නොනැවතුන දිනේෂ්කාන්තන්, සංජීව් මෝහන් කුමාර් සමග එක්ව දේලවර් හුසේන් සහ මුෆාසල් හුසේන් පරාජය කරමින් පිරිමි යුගල ශූරතාවද දිනාගත්තේය.

තවමත් 14 වැනි වියේ පසුවන අංජලිකා, කාන්තා කේවල අවසන් මහ තරගයේදී ජනාලි මනම්පේරි පරාජය කරමින් එස්.එස්.සී. විවෘත ශූරතාව දිනාගත් ලාබාලතම ක්‍රීඩිකාව බවට පත්වූවාය. ඊට අමතරව බාලිකා වයස 14 න් පහළ සහ 16 න් පහළ ශූරතා දිනාගනිමින් මෙවර තරගාවලියේදී ත්‍රිත්ව ශූරතා දිනාගත් එකම ක්‍රීඩිකාව බවට පත්වීමටද අංජලිකා සමත් වූවාය.

පෙරේරා සහ පුත්‍රයෝ සමාගම, ඩීමෝ සමාගම සහ 3ඨ ස්පෝට්ස් සමාගම තරගාවලියේ අනුග්‍රාහකයෝ ලෙස කටයුතු කළහ.


තරග ප්‍රතිඵල

පිරිමි කේවල
දිනේෂ්කාන්තන් තංගරාජා විසින් යසිත ද සිල්වා පරාජය කරන ලදි.

පිරිමි යුගල
දිනේෂ්කාන්තන් තංගරාජා සහ සංජීව් මනෝහර් කුමාර් විසින් දේලවර් හුසේන් සහ මුෆාසල් හුසේන් පරාජය කරන ලදහ.

කාන්තා කේවල
අංජලිකා කුරේරා විසින් ජනාලි මනම්පේරි පරාජය කරන ලදි.

කාන්තා යුගල
ජනාලි මනම්පේරි සහ සවිනි ජයසූරිය විසින් කෙමාලි හේරාත් සහ ෂෙනාලි වීරසේකර පරාජය කරන ලදහ.

බාලක වයස 18 න් පහළ කේවල
ලූකා නේස් විසින් චාතුර්ය නිලවීර පරාජය කරන ලදි. 

බාලක වයස 18 න් පහළ යුගල 
ඉන්තූජන් සෙල්වරත්නරාජා සහ මාක් සෙනෙවිරත්න විසින් දීලක රණසිංහ සහ චනිත් ද සිල්වා පරාජය කරන ලදහ. 

බාලිකා වයස 18 න් පහළ කේවල
ජනාලි මනම්පේරි විසින් නතාෂා මුණවීර පරාජය කරන ලදි. 

බාලක වයස 16 න් පහළ කේවල
නේලක දිසානායක විසින් ශිවේන්ද්‍ර පෙරේරා පරාජය කරන ලදි. 

බාලක වයස 16 න් පහළ යුගල 
ධිල්වන් හේරත් සහ ශිවේන්ද්‍ර පෙරේරා විසින් නේලක දිසානායක සහ ටෙහාන් විජේමාන්න පරාජය කරන ලදහ. 

බාලිකා වයස 16 න් පහළ කේවල
අංජලිකා කුරේරා විසින් හේෂානි ඉමංගි පරාජය කරන ලදි. 

බාලිකා වයස 16 න් පහළ යුගල 
සෙත්මි දිමායා සහ ඔනෙලි පෙරේරා විසින් ප්‍රීතිකා චන්ද්‍රමෝහන් සහ අෂාන්ති සෙනෙවිරත්න පරාජය කරන ලදහ. 

බාලක වයස 14 න් පහළ කේවල 
නේලක දිසානායක විසින් හසල් අහංගම පරාජය කරන ලදි. 

බාලක වයස 14 න් පහළ යුගල 
චාතුර්ය නිලවීර සහ විචින්ත්‍ය නිලවීර විසින් අනුජය අබේවික්‍රම සහ හසල් අහංගම පරාජය කරන ලදහ. 

බාලිකා වයස 14 න් පහළ කේවල
අංජලිකා කුරේරා විසින් ටානියා දෙලොස්වල පරාජය කරන ලදි. 

බාලිකා වයස 14 න් පහළ යුගල 
තුවිනි ද අල්විස් සහ සනේෂි විල්ලෝරාරච්චි විසින් නිෂිකා පියදිගම සහ දෙව්මිණි වර්ණසූරිය පරාජය කරන ලදහ. 

බාලක වයස 12 න් පහළ කේවල 
ලිසල් ගුණතිලක විසින් මතීෂ නෙත්තසිංහ පරාජය කරන ලදි. 

බාලක වයස 12 න් පහළ යුගල 
සඳරු ගුරුගේ සහ රන්සත් පීරිස් විසින් ලිසල් ගුණතිලක සහ මෙත්වන් විජේමාන්න පරාජය කරන ලදහ. 

බාලිකා වයස 12 න් පහළ කේවල
හසාලි ගජබා විසින් රුවි රාජකරුණා පරාජය කරන ලදි. 

බාලිකා වයස 12 න් පහළ යුගල 
නෙලිනි ජයසූරිය සහ රුවි රාජකරුණා විසින් හසාලි ගජබා සහ මිනුකි දිමන්සා පරාජය කරන ලදහ. 

 

 


අදහස් (0)

දිනේෂ්කාන්තන් - අංජලිකා ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.