Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත පිරිමි යුගල ශූරතාව දිනාගැනීමට දිනේෂ්කාන්තන් තංගරාජා සහ අම්රේෂ ජයවික‍්‍රම සමත්වූහ.
කොළඹ ජාතික ටෙනිස් සංකීර්ණය්දී ඊයේ (23 වැනිදා) පැවති පිරිමි අවසන් මහ තරගයේදී සංඛ අතුකෝරාල සහ රජීව් රාජපක්ෂ පරාජය කරමින් දිනේෂ්කාන්තන් තංගරාජා සහ අම්රේෂ් ජයවික‍්‍රම මෙම ශූරතාවට හිමිකම් කීහ.
අවසන් පූර්ව වටයේ පළමු තරගයේදී රොහාන් ද සිල්වා සහ දිල්වර් හුසේන් පරාජය කරමින් සංඛ අතුකෝරාල සහ රජීව් රාජපක්ෂ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.
දිනේෂ්කාන්තන් තංගරාජා සහ අම්රේෂ් ජයවික‍්‍රම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයේදී පාකිස්තානු කී‍්‍රඩකයන් දෙදෙනකු වන හීරා ආශික් සහ තන්වීර් ආශික් පරාජය කරමිනි.
විවෘත (පිරිමි) යුගළ අවසන්තරගයේ ප‍්‍රතිඵල
දිනේෂ්කාන්තන් තංගරාජා සහ අම්රේෂ ජයවික‍්‍රම විසින් තරග වට 3 - 0 ක් ලෙස සංඛ අතුකෝරාල සහ රජීව් රාජපක්ෂ පරාජය කරන ලදහ. (6/0, 7/5, 6/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.