Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සංවිධානයෙන් මේ දිනවල එම සංගමය අයත් මැටි සහිත ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන ජාතික මට්ටමේ ටෙනිස් තරගාවලියේ විවෘත පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට දිනේෂ්කාන්තන් තංගරාජා සමත් විය.
තරගාවලියේ විවෘත පිරිමි කේවල ඉසව්ව සඳහා ක්‍රීඩකයන් 37 දෙනෙක් සහභාගි වූ අතර එම ඉසව්වේ අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස සංඛ අතුකෝරල පරාජය කරමින් පිරිමි කේවල ශූරතාව දිනාගත්තේය. අවසන් මහ තරගයේ පළමු වටයේදී ලකුණු 7/6 ක් ලෙස ජය වාර්තා කළ දිනේෂ්, දෙවැනි වටයේදී සංඛ පරාජය කළේ ලකුණු 6/3 ක් ලෙසිනි.
අවසන් පූර්ව වටයේදී තරග වට දේල්වර් හුසේන් වට 2-0 ක් ලෙස (6/3, 6/1) පරාජය කරමින් සංඛ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. දිනේෂ්කාන්තන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී තරග වට 2-0 ක් ලෙස (6/3, 6/2) ලියූ හුයි රෙටලික් පරාජය කරමිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.