Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ වයස 14 න් පහළ ආසියානු ටෙනිස් තරගාවලියේ දෙවැනි අදියරේ බාලක සහ බාලිකා කේවල ශූරතා දිනාගැනීමට නේලක දිසානායක සහ අංජලිකා කුරේරා සමත් වූහ.
ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති බාලක කේවල අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස තෙහාන් විජේමාන්න පරාජය කරමින් නේලක එම ශූරතාවට හිමිකම් කී අතර එම තරගයේ ලකුණු තත්ත්වය 6-3 ක් සහ 6-1 ක් ලෙස සටහන් විය.
අවසන් පූර්ව වටයේදී ඉන්දීය ක්‍රීඩක ශයින් ටෝකස් පරාජය කරමින් නේලක දිසානායක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර තෙහාන් විජේමාන්න අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී කවිෂ්ක ගාල්ලගේ පරාජය කරමිනි.
අංජලිකා කුරේරා තරගාවලියේ බාලිකා කේවල ශූරතාව දිනාගත්තේ අද පැවැති අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස ඔනෙලි පෙරේරා පරාජය කරමිනි. එම තරගයේ ලකුණු තත්ත්වය සටහන් වූයේ 6-1 ක් සහ 6-0 ක් ලෙසිනි.
අවසන් පූර්ව වටයේදී ඉන්දීය ක්‍රීඩිකා ශෲති ඛන්නා පරාජය කරමින් අංජලිකා කුරේරා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ඔනෙලි පෙරේරා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී තරණි ඇලෙක්සැන්ඩර් පරාජය කරමිනි.
බාලක කේවල අවසන් මහ තරගය
■ නේලක දිසානායක විසින් තරග වට 2-0 ක් ලෙස තෙහාන් විජේමාන්න පරාජය කරන ලදි. (6/3, 6/1)
බාලිකා කේවල අවසන් මහ තරගය
■ අංජලිකා කුරේරා විසින් තරග වට 2-0 ක් ලෙස ඔනෙලි පෙරේරා පරාජය කරන ලදි. (6/1, 6/0)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.