නේලක - චාතූර්ය ශ්‍රී ලංකාව දිනවති
ලෝක කනිෂ්ඨ (වයස 14 න් පහළ) ටෙනිස් ශූරතාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැත්වෙන ආසියා ශාන්තිකර කාළාපයේ පෙර සුදුසුකම් ලැබීමේ තරගයකදී සිංගප්පූරුවට එරෙහිව 3-0 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
කොළඹ ටෙනිස් සංගම් මූලස්තාන ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය කේවල තරග 2 කින් සහ යුගළ තරගයකින් සමන්විත වූ අතර එම තරග තුනේදීම ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අත්කර දීමට නේලක දිසානායක සහ චාතූර්ය නිලවීර සමත් වූහ.
ඉන් පළමු කේවල තරගයේදී වට 2-0 ක් ලෙස බිල් යෙව් ටෑංග් චෑන් පරාජය කිරීමට නේලක දිසානායක සමත් වූ අතර දෙවැනි කේවල තරගයේදී වට 2-0 ක් ලෙස රිඛිල් මුලානි පරාජය කිරීමට චාතූර්ය නිලවීර සමත් විය. තියුණු සටහනකින් අනතුරුව යුගළ තරගයේදී නේලක සහ චාතූර්ය එක්ව ටෑංග් චෑන් සහ රිඛිල් මුලානි පරාජය කළේ වට 2-0 ක් ලෙසනි.
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර තරගය
■ නේලක දිසානායක විසින් වට 2-0 ක් ලෙස බිල් යෙව් ටෑංග් චෑන් පරාජය කරන ලදි. (6/0, 6/2)
■ චාතූර්ය නිලවීර විසින් වට 2-0 ක් ලෙස රිඛිල් මුලානි පරාජය කරන ලදි. (6/0, 6/4)
■ නේලක දිසානායක සහ චාතූර්ය නිලවීර විසින් වට 2-0 ක් ලෙස බිල් යෙව් ටෑංග් චෑන් සහ රිඛිල් මුලානි පරාජය කරන ලදහ. (6/1, 7/5)