Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner නිශාංගන් - නෙත්මි පහසු ජයග්‍රහණ ලබති

නිශාංගන් - නෙත්මි පහසු ජයග්‍රහණ ලබති

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන අන්තර්ජාතික ටෙනිස් සම්මේලනය වයස අවුරුදු 18 න් පහළ කණිෂ්ඨ ටෙනිස් තරගාවලියේ නව වැනි දිනය වූ ඊයේ (15 වැනිදා) දිනයේ පැවති තරග වලිදී කේවල අංශයේ ජයග‍්‍රහණ වාර්තා කිරීමට නිශාංගන් නඩරාජා සහ නෙත්මි වඩුගේ සමත්වූහ.

ඊයේ පැවති කණ්ඩායම් අංශයේ තරගයකදී චීන තායිපේහි චෙයි යින් ලී සහ ඉන්දියාවේ ස්ටීවන් හරින්ටෝ තරග වට 2 - 0 කින් පරාජයට පත්කිරීමට ශ්‍රී ලංකාවේ ධනුෂ්ක අබේවික‍්‍රම සහ අවිෂ්ක පෙරේරා සමත්වීම තවත් කැපී පෙනෙන සිදුවීමක් විය.

ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන මෙම තරගාවලිය 19 වැනිදා දක්වා පැවැත්වේ.
ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බි‍්‍රතාන්‍යය, යුක්රේනය, තායිලන්තය, චීන තායිපේ, ඉරානය, සිංගප්පූරුව, හොංකොං, තුර්කිය, පිලිපීනය, රුසියාව සහ මැලේසියාවද ඇතුළුව රටවල් 26 ක් තරගාවලියට සහභාගී වේ

 

ඊයේ (15 වැනිදා) දිනයේ ශී‍්‍ර ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සහභාගීවූ තරග වල ප‍්‍රතිඵල

  • නිශාංගන් නඩරාජා (ශ්‍රී ලංකාව) විසින් ජොශුවා ලීයු (සිංගප්පූරුව) තරග වට 2 - 0 ක් ලෙස පරාජය කරන ලදී. (6/1, 3/0)
  • නෙත්මි වඩුගේ (ශ්‍රී ලංකාව) විසින් ශි‍්‍රෂ්ටි දාස් (ඉන්දියාව) තරග වට 2 - 0 ක් ලෙස පරාජය කරන ලදී. (7/6, 6/3)
  • ධනුෂ්ක අබේවික‍්‍රම සහ අවිෂ්ක පෙරේරා (ශ්‍රී ලංකාව) විසින් චෙයි යින් ලී (චීන තායිපේ) සහ ස්ටීවන් හරින්ටෝ (ඉන්දියාව) තරග වට 2 - 0 ක් ලෙස පරාජය කරන ලදී. (6/4, 6/3)

ඡයාරූපය - ශානුක අරවින්ද


අදහස් (0)

නිශාංගන් - නෙත්මි පහසු ජයග්‍රහණ ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.