Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner නිශාංගන් අවසන් තරගයට එයි

නිශාංගන් අවසන් තරගයට එයි

ශනුක අරවින්ද - 2013 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ටෙනිස් සම්මේලනයේ වයස අවුරුදු 18 න් පහළ කනිෂ්ට ටෙනිස් තරගාවලියේ පිරිමි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ නිශාංගන් නඩරාජා සමත්විය. ඒ අනුව ඔහු හෙට (20 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගයේදී චීන තායිපේහි චින් යං මෙන්ග් සමග තරගයට බිමට පිවිසීමට නියමිතය.

පිරිමි කේවල අවසන් පූර්ව තරග ඊයේ (18 වැනිදා) පැවති අතර එහිදී ඉන්දියවේ පරමේෂ්වර් සිං පරජය කරමින් නිශාංගන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

චින් යං මෙන්ග් අවසන් මහ තරගයට පිවිසියේ යුක්රේනයේ ඇලෙක්ස් ප්‍රෙකොප්කුච් පරාජය කරමිනි.

ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලිය සති දෙකක් පුරා කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බි‍්‍රතාන්‍යය, යුක්රේනය, තායිලන්තය, චීන තායිපේ, ඉරානය, සිංගප්පූරුව, හොංකොං, තුර්කිය, පිලිපීනය, රුසියාව සහ මැලේසියාවද ඇතුලත්ව රටවල් 26 ක කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ මෙම තරගාවලියට සහභාගීවූහ.

අවසන් පූර්ව වටයේ තරග ප‍්‍රතිඵල

  • නිශාංගන් නඩරාජා (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2 - 0 ක් ලෙස පරමේෂ්වර් සිං (ඉන්දියව) පරජය කරන ලදී. (6/3, 6/2)
  • චින් යං මෙන්ග් (චීන තායිපේ) විසින් තරග වට 2 - 0 ක් ලෙස ඇලෙක්ස් ප්‍රෙකොප්කුච් (යුක්රේනය) පරජය කරන ලදී. (6/4, 6/3)
     

අදහස් (0)

නිශාංගන් අවසන් තරගයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.