Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික ටෙනිස් සම්මේලනයේ වයස අවුරුදු 18 න් පහළ කනිෂ්ඨ ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට චීන තායිපේහි චින් යං මෙන්ග් සමත්විය. කොළඹ ශී‍්‍ර ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන පිටියේදී අද (20 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ශ‍්‍රී ලංකාවේ නිශාංගන් නඩරාජා තරග වට 2 - 0 ක් ලෙස පරාජය කරමින් චින් යං මෙන්ග් එම ශූරතාව දිනාගත්තේය.
පිරිමි කේවල අවසන් පූර්ව තරග වලදී ඉන්දියවේ පරමේෂ්වර් සිං පරජය කරමින් නිශාංගන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර චින් යං මෙන්ග් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ යුක්රේනයේ ඇලෙක්ස් ප්‍රෙකොප්කුච් පරාජය කරමිනි.
කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට පිලිපීනයේ රොක්සානා මේ රේස්මා සමත්වූයේ අවසන් මහ තරගයේදී චීන තායිපේහි පෙයි සුවාන් චෙන් පරාජය කරමිනි.
තරගාවලියේ පිරිමි යුගල ශූරතාව චීන තායිපේ කණ්ඩායමක් විසින්ද, කාන්තා යුගල ශූරතාව පිලිපීන කණ්ඩායමක් විසින්ද දිනාගනු ලැබූහ. කේවල පිරිමි සහ කේවල කාන්තා ශූරතා දිනාගත් කී‍්‍රඩකයා සහ කී‍්‍රඩිකාව නියෝජනය කළ කණ්ඩායම් දෙකම, යුගළ ශූරතාවන්ටද හිමිකම් කීම සුවිශේෂි සිදුවීමක් විය.
ශ‍්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, බි‍්‍රතාන්‍යය, යුක්රේනය, තායිලන්තය, චීන තායිපේ, ඉරානය, සිංගප්පූරුව, හොංකොං, තුර්කිය, පිලිපීනය, රුසියාව සහ මැලේසියාවද ඇතුලත්ව රටවල් 26 ක කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ මෙම තරගාවලියට සහභාගීවූහ.
ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලිය සති දෙකක් පුරා කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.
අවසන් වටයේ තරග ප‍්‍රතිඵල
පිරිමි කේවල
චින් යං මෙන්ග් (චීන තායිපේ) විසින් තරග වට 2 - 0 ක් ලෙස නිශාංගන් නඩරාජා (ශ‍්‍රී ලංකාව) පරජය කරන ලදී. (6/3, 6/2)
පිරිමි යුගල
චින් යං මෙන්ග් සහ බැන්ග් ශූවෝ යින් (චීන තායිපේ) විසින් තරග වට 2 - 1 ක් ලෙස හෝ ජුන් ලී (චීන තායිපේ) සහ සූ සින්යන්ග් ටන් (මලයාසියාව) පරජය කරන ලදී. (6/3, 4/6, 10/7)
කාන්තා කේවල
රොක්සානා මේ රේස්මා (පිලිපීනය) විසින් තරග වට 2 - 1 ක් ලෙස පෙයි සුවාන් චෙන් (චීන තායිපේ) පරජය කරන ලදී. (2/6, 6/3, 6/4)
කාන්තා යුගල
රොක්සානා මේ රේස්මා සහ කිම් ඉග්ලූපස් (පිලිපීනය) විසින් තරග වට 2 - 0 ක් ලෙස ශේනියා ප්‍රෙකොප්කුච් (යුක්රේනය) සහ ඇන්ජලා රාමන් (ඉන්දියාව) පරජය කරන ලදී. (7/5, 6/1)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.