Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන 41 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනය වු අද (19 වැනිදා) නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවීමට චමලි දිල්රුක්‍ෂි පි‍්‍රයදර්ශනී සහ අයේෂා මධුවන්ති සමත්වුහ.
එහිදී වසර 13 ක් පැරණි දුර පැනීම කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව බිඳ දමමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට බස්නාහිර පළාතේ චමලී දිල්රුක්‍ෂි ප‍්‍රියදර්ශනී සමත්වුවාය.
වසර 2002 දී එන්. කේ. ප‍්‍රියදර්ශනී මීටර 6.40 ක් පැන පිහිටුවා තිබු එම ඉසව්වේ පැරණි වාර්තාව ප‍්‍රියදර්ශනී විසින් බිඳ දමන්නේ ලද්දේ මීටර 6.43 ක දුරක් පනිමිනි.
ප‍්‍රියදර්ශනී පවසන්නේ ලබන වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී දුර පැනීම ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීම සිය අපේක්‍ෂාව බවයි. නාවික හමුදාවේ සේවය කරන ඇය 2010 වසරේ පැවැති සාග් ක‍්‍රීඩා උළෙලේදී දුර පැනීම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තාය.
මිටිය විසි කිරීමේ කාන්තා ඉසව්වේදී ඌව පළාත් නියෝජනය කරන අයේෂා මධුවන්ති තමන් සතුව තිබු ශ්‍රී ලංකා වාර්තාව අලූත් කිරීමට සමත්වුවාය. පසුගිය වසරේ පැවැති ජාතික මහා ක‍්‍රීඩා උළෙලේදී මීටර 42.74 කින් පිිහිටුවා තිබු ශ්‍රී ලංකා වාර්තාව අයේෂා මෙවර 43.18 කට මිටිය විසි කර අලූත් කළාය. ඇය ගුවන් හමුදාවේ සේවය කරන්නීය.
අද පැවැති සෙසු ඉසව් වලදී නව තරග වාර්තා හතරක් පිහිටුවීමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත්වුහ.
මීටර 800 කාන්තා ඉසව්වෙන් එල්. ඒ. නිමාලි, මීටර 200 පිරිමි ඉසව්වෙන් එම්. වී. සුරංජය, රිටි පැනීම පිරිමි ඉසව්වෙන් එච්. අයි. සදරුවන් සහ මීටර 400 කඩුලූ පැන දිවීම කාන්තා ඉසව්වෙන් ආර්.දුලක්‍ෂි යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ මෙම වාර්තා පිහිටුවුහ.
අද පැවැති තරගවල අවසන් ප‍්‍රතිඵල:
මීටර 200 (පිරිමි)
1.එම්.වී.සුරංජය (දකුණු පළාත) - තත්.21.02
2.ඒ.ආර්.එම්.රාජසේකර (නැගෙනහිර) - තත්.21.20
3.ආර්.ඞී.සී.නිරෝෂාන් (වයඹ) - තත්.21.50
මීටර 200 (කාන්තා)
1.ආර්.කේ.රත්නායක (දකුණු පළාත) - තත්.24.12
2.සී.එස්.රස්නායක (වයඹ) - තත්.24.15
3.එස්.එස්.ජයතිලක (බස්නාහිර) - තත්.24.86
දුර පැනීම (කාන්තා)
1.එන්.සී.ඞී.ප‍්‍රියදර්ශනී (බස්නාහිර) - මීටර 6.43
2.ඒ.පුල්වංශ (බස්නාහිර) - මීටර 5.94
3.එච්.ටී.කුමාරි (බස්නාහිර) - මීටර 5.77
මිටිය විසි කිරීම (කාන්තා)
1.කේ.ඒ.මධුවන්ති (ඌව) - මීටර 43.18
2.එස්.එම්.අමරසිංහ (දකුණ) - මීටර 41.71
3.අරුණි ලක්‍ෂිකා (බස්නාහිර) - මීටර 39.61
යගුලිය විසි කිරීම (පිරිමි)
1.ඒ.අයි.ඞී.පෙරේරා (නැගෙනහිර) - මීටර 15.29
2.ආර්.එස්.ජයවර්ධන (වයඹ) - මීටර 14.63
3.එස්.ජයකොඩි (බස්නාහිර) - මීටර 13.76
මීටර 400 කඩුලූ පැන දිවීම (පිරිමි)
1.අරවින්ද චතුරංග (ඌව) - තත්.51.97
2.එන්.ජේ.ගුණතිලක (සබරගමුව) - තත්.52.30
3.ළහිරු මධුරංග (දකුණු) - තත්.54.40
මීටර 400 කඩුලූ පැන දිවීම (කාන්තා)
1.ඊ.ආර්.දුලක්‍ෂි (දකුණ) - තත්.59.51
2.පී.කේ.මධුෂානී (වයඹ) - වි.1.තත්.00.34
3.එන්.ඞී.වික‍්‍රමසිංහ (වයඹ) - වි.1.තත්.01.09
රිටි පැනීම (පිරිමි)
1.එච්.අයි.සඳරුවන් (බස්නාහිර) - මීටර 4.83
2.චන්න ප‍්‍රනාන්දු (බස්නාහිර) - මීටර 4.40
3.සී.පී.සේනාරත්න (වයඹ) - මීටර 4.40
මීටර 800 (පිරිමි)
1.ඒ.පී.අමරසිරි (මධ්‍යම) - වි.1.තත්.50.22
2.ඞී.එස්.කුමාරසිංහ (මධ්‍යම) - වි.1.තත්.50.94
3.සී.එස්.සෝමවර්ධන (සබරගමුව) - වි.1.තත්.51.33
මීටර 800 (කාන්තා)
1.එල්.ඒ.නිමාලි (දකුණ) - වි.2.තත්.05.32
2.ටී.ඒ.අබේරත්න (දකුණ) - වි.2.තත්.06.01
3.ඊ.ආර්.දුලක්‍ෂි (දකුණ) - වි.2.තත්.10.07
- 090
ඡායාරූප - ඉෂාන් සංජීව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.