Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත අංශයේ පිරිමි යුගළ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සංඛ අතුකෝරල සහ රජීව් රාජපක්ෂත්, දිනේෂ්කාන්තන් තංගරාජා සහ අම්රේෂ ජයවික‍්‍රමත් අද (21 වැනිදා) සමත්වූහ.
අද පැවති අවසන් පූර්ව වටයේ පළමු තරගයේදී රොහාන් ද සිල්වා සහ දිල්වර් හුසේන් පරාජය කරමින් සංඛ අතුකෝරාල සහ රජීව් රාජපක්ෂ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.
දිනේෂ්කාන්තන් තංගරාජා සහ අම්රේෂ් ජයවික‍්‍රම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයේදී පාකිස්තානු කී‍්‍රඩකයන් දෙදෙනකු වන හීරා ආශික් සහ තන්වීර් ආශික් පරාජය කරමිනි.
විවෘත අංශයේ කාන්තා යුගල අවසන් මහ තරගය සඳහා තෙව්නි දේවරාජා සහ මේදිරා සමරසිංහත්, හසිඳි ලොකුගේ සහ රුක්ෂිකා විජේසූරියත් තේරී පත්වූහ.
තෙව්නි දේවරාජා සහ මේදිරා සමරසිංහ අද පැවති අවසන් පූර්ව වටයේ පළමු තරගයේදී ශලිනි ද සිල්වා සහ පසුගිය වසරේ විවෘත කාන්තා අංශයේ ශුරිය බවට පත්වූ අම්රිතා මුත්තයියා පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.
හසිඳි ලොකුගේ සහ රුක්ෂිකා විජේසූරිය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයේදී රොෂෙන්කා ප‍්‍රනාන්දු සහ කේමාලි හේරත් පරාජය කරමිනි.
විවෘත (පිරිමි) යුගළ - අවසන් පූර්ව තරග ප‍්‍රතිඵල
විවෘත අංශයේ කාන්තා යුගල අවසන් පූර්ව තරගයේ ප‍්‍රතිඵල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.