Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආජන්ටිනාවේදී දැන් පැවැත්වෙන තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට පාරමී වසන්ති මාරිස්ටෙලා අද (15) සමත් වූවාය.
මෙය ශ්‍රී ලංකාව යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී දිනාගත් පළමු පදක්කම වීම කැපී පෙනේ.
එම ඉසව්වේ අවසන් තරගය වූ කිලෝමීටර 4 ක රට හරහා දිවීමේ තරගය අද (15) පස්වරුවේ පැවැති අතර එහිදී පාරමි 17 වැනි ස්ථානයට පත්වූවාය. ඇය එහිදී විනාඩි 13.47 ක කාලයක් වාර්තා කළාය.
පාරමි මෙහි මූලික වටයේ තරගයේදී තෙවැනි ස්ථානය හිමිකරගැනීමට සමත් වූවාය. මෙම ඉසව්ව නිම කිරීම සඳහා පාරමි විනාඩි 6:33.06 කාලයක් වාර්තා කළ අතර එම කාලය ඇයගේ තරග දිවියේ හොඳම කාලය ලෙසද සටහන් වේ.
එම තරග දෙකේ කාලයේ එකතුව අනුව පාරමි සිවුවැනි ස්ථානයට පත්වූ අතර සමස්ත තෙවැනි ස්ථානයට පත්වූ ක්‍රීඩිකාව පළමු තරගයේදී අටවැනි ස්ථානයට පත්වීම සිටීම නිසා පාරමීට ලෝකඩ පදක්කම හිමිවූවාය.
පාරමී කුලියාපිටිය මැදි මහ විදුහලේ ක්‍රීඩිකාවකි.
මීටර 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්ව තරග දෙකකින් සමන්විත වන අතර එම තරග දෙකේ කාලයේ එකතුවෙන් සමස්ත ඉසව්වේ ස්ථානය තීරණය වේ.
මූලික වටයේ පළමු ස්ථාන ලැබූ කෙන්යා ක්‍රීඩිකා ෆැන්සි චිරොනෝ (විනාඩි 6:26.08) රට හරහා දිවීමේ තරගයේ තෙවැනි ස්ථානයට (විනාඩි 12.51) පත්ව රන් පදක්කම දිනාගත්තාය.
පළමු වටයේ තරගයේ දෙවැනි ස්ථානය ලැබූ ඉතියෝපියා ක්‍රීඩිකා මෙක්ඩිස් අබිබි (විනාඩි 6:27.93) රට හරහා දිවීමේ තරගයේ 11 වැනි ස්ථානයට පත්ව (විනාඩි 13.21) රිදී පදක්කම හිමිකරගත්තාය.
මෙම ක්‍රීඩා උළෙලේ උස පැනීම පිරිමි ඉසව්වේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක සෙනිරු අමරසිංහ සිවුවැනි ස්ථානයට පත්විය. සෙනිරු එහිදී මීටර 2.14 ක උසක් පනිමින් ඔහුගේ තරග දිවියේ හොඳම දක්‍ෂතාව වාර්තා කළේය.
මෙහිදී තෙවැනි ස්ථානයට පත්වූ යුක්රේන ක්‍රීඩකයාද මීටර 2.14 ක උසක් වාර්තා කළ අතර ඔහු සෙනිරුට පෙර අවස්ථාවේදී එම දස්කම දැක්වීම හේතුවෙන් තෙවැනි ස්ථානය හිමිවිය.
චීන ක්‍රීඩක ලොංග් චිං සහ ඕස්ටේ්‍රලියානු ක්‍රීඩක ඔස්කාර් මීර්ස් මීටර 2.22 ක උසක් පනිමින් රන් සහ රිදී පදක්කම් දිනාගත්හ.
මෙම ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් මිශ්‍ර කණ්ඩායම් ඉසව්වක රන් පදක්කම දිනූ කණ්ඩායමකට ශ්‍රී ලංකා ක්‍රීඩිකා හිසිනි අම්බලන්ගොඩගේ ඇතුළත්ව සිටිය ද එම ඉසව්ව ශ්‍රී ලංකාව නියෝජනය කිරීමක් නොවේ.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.