Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner පුහුණුකරුගේ ආබාධය පරාජයට හේතුවෙයි

පුහුණුකරුගේ ආබාධය පරාජයට හේතුවෙයි

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

630

 

ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අද 6 වැනි දිනය නිමාවට පත්වූයේ එකිනෙකට එකක් වෙනස් ආකාරයේ සිදුවීම් කිහිපයකින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්, නරඹන්නන් මෙන්ම තරග විනිසුරුවන් ද ව්‍යාකූලත්වයට පත්කරමිනි.

ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරිම්වල දෙවැනි තැන පසුවන ඇන්ඩි මරේ සහ පෘතුගාලයේ ජොආ ඕ සූසා අතර තරගය කෙරෙහි කාගෙත් අවධානය යොමුවී තිබිණි. ඒ මොහොතේදීම රොඞ් ලිවර් පිටියේදී සර්බියාවේ ඇනා ඉවනෝවික් සහ අමෙරිකාවේ මැඩිසන් කීස් අතර තරගයත්  පැවැත්වෙමින් තිබිණ.

ඉවනෝවික් සහ මැඩිසන් කීස් අතර තරගයේ තුන්වැනි වටය වෙද්දී ඉවනෝවික් ඉදිරියෙන් පසුවූවාය. එහෙත් ඒ මොහොතේදීම ඇගේ පුහුණුකරු නයිජල් සියර්ස් හිටිහැටියේම ඇද වැටීමෙන් තරගය නතර කරන්නට සංවිධායකයන්ට සිදුවිය.

වෛද්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් වහා සියර්ස් වෙත දිව ගිය අතර  ප‍්‍රථමාධාර ලබාදීමට යුහුසුලූව කටයුතු කළහ. තරගය නැවැත්වීමෙන් පසුව සර්බියානු කී‍්‍රඩිකාව සිය පුහුණුකරුටවූ මේ සන්තෑසිය කඳුලූ පිරි දෙනෙතිින් බලා සිටියාය.

ඇය ඒ වෙද්දී දැඩි ව්‍යාකූලත්වයට පත්ව සිටියේ පසුගිය බ‍්‍රහස්පතින්දා රොඞ් ලීවර් හී දීම වයෝවෘද්ධ නරඹන්නකු පඩිපෙළකින් ඇද වැටීමේ සිදුවීමත් දැකගැනීමට ඇයට සිදුවූ බැවිණි.

INININඑදින තරගයත් මිනිත්තු 30 කට නතර කිරීමට සිදුවී තිබිණි.  

තවත් මොහොතකින් ගිලන් මැස්සක තබා සියර්ස් පිටියෙන් ඉවතට ගෙන ගිය අතර පසුව ඔහු රෝහල් ගත කිරීමට බලාධාරිහු කටයුතු කළහ. කෙසේවෙතත්  ඔහුගේ තත්ත්වය බරපතල නොවන බැව් ආරංචි මාර්ග සඳහන් කළේය. ඇනාගේ සහ මැඩිසන්ගේ තරගය නැවත ආරම්භ කළේ පැයකට පමණ පසුවය.

කෙසේ වෙතත් අවාසනාවන්ත සිදුවීම වූයේ සිය පුහුණුකරුගේ හදිසි ආබාධයෙන් දැඩි කැළඹීමට පත්ව සිටි ඇනා එතෙක් ඇය වෙත තිබූ වාසිය අවසන් වටයේදී එහෙම පිටින්ම කණපිට හරවා ගනිමින් තරගයෙන් පරාජයට පත්වීමය.

මේ සිද්ධිය ගැන කිසිත් නොදැන රොඞ් ලීවර් පිටියට මඳක් එහායින් පිහිටි මාගරට් කෝට් පිටියේ රිසිසේ සිය ප‍්‍රතිවාදීයා මෙල්ල කරමින් සිටියේ  සියර්ස්ගේ බෑනනුවන් වන ඇන්ඩි මරේය. ඔහු ඒ වනවිට තරග වට 4 කට පසුව ජයග‍්‍රහණය වාර්තා කරමින් අවසන් 16 ට එක්වී සිටියේය.

මේ 28 හැවිරිදි බි‍්‍රතාන්‍ය කී‍්‍රඩකයා විවාහ වී සිටින්නේ සියර්ස්ගේ දියණිය කිම් සමග වන අතර ඇය නොබෝ දිනකින් සිය පළමු දරු ප‍්‍රසූතිය බලාපොරොත්තුවෙන් පසුවන්නීය.

58 හැවිදිරි සිය මාමණ්ඩියට වූ අකරතැබ්බය ගැන කිසිත් නොදැන සිටි අතර තරගය නිමාවූ සැනින් ඔහුගේ මව, ජූඩි මරේ, ඇන්ඩි අසළට පැමිණ තොරතුරු පවසද්දී ඔහුගේ දෑස් විසල්වී ගිය බැව් කවුරුත් දුටූහ. අනතුරුව පශ්චාත් මාධ්‍ය හමුවට සහභාගි  නොවීමට තරග බලධාරින්ට හේතු දක්වමින් දෙදෙනාම කඩිමුඩියේ පිටියෙන් නික්ම යන අයුරු දක්නට ලැබිණි.  


- 077

 


අදහස් (0)

පුහුණුකරුගේ ආබාධය පරාජයට හේතුවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.