Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ප‍්‍රංශ විවෘත ශූරතාව 9 වතාවක් ජයගත් ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් සිය වම් අතේ මැණික් කටුවේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙවර ප‍්‍රංශ විවෘත තරගාවලියෙන් ඉවත් විය.
මෙවර තරගාවලියේ තුන්වැනි වටයට පිවිසි ස්පාඤ්ඤ ජාතිකයා මේ දක්වා මේ දක්වා අත්කරගෙන ඇති ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ජයග‍්‍රහණ සංඛ්‍යාව 200 කි.
”ඊයේ මා කී‍්‍රඩා කළේ එන්නතක් ලබාගැනීමෙන් පසුවයි”
”හවස මට තරමක වේදනාවක් දැනුණා. එත් අද නම් මට අත හොළවන්නවත් බෑ” යයි අද (සිකුරාදා) සවස පැවැති පුවත් පත් සාකච්ඡුාවකදී නඩාල් පැවසීය.
නඩාල්ගේ අදහස වන්නේ තම අතේ වේදනාව දරාගෙන කී‍්‍රඩා කළහොත් අස්ථිය බිඳී යාමේ අවදානමක් ඇතිවිය හැකි බවයි. තුන්වැනි වටයේදී තවත් ස්පාඤ්ඤ ජාතිකයකු වන මර්සෙල් ග‍්‍රැනොලස් සමග තරග කිරීමට නඩාල්ට සිදුවී තිබිණ.
”මගේ තරග දිවියේ 9 වතාවක්ම මේ තරගාවලිය ජයගන්න මා ඉතාමත් සෞඛ්‍ය සම්පන්න වුණා”
”ඒත් මේක අසීරු අවස්ථාවක්. මේක මා මුහුණ දුන්න අසීරුතම පුවත් පත් සාකච්ඡුාවක්. ඒත් මේ ලෝකාවසානය නෙමේ. අපි විම්බල්ඩන්හිදී කී‍්‍රඩා කරමු” යයිද නඩාල් පැවසීය.
ප‍්‍රංශ විවෘත තරගාවලියේදී අවදානමක් ඇතිව තමන් කී‍්‍රඩා කිරීමට යොමුවූ ප‍්‍රධානම හේතුව ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා හතරෙන් එකක ශූරතා 10 ක් දිනාගත් ලෝකයේ පළමුවැනියා වීමට තිබූ උනන්දුව බවයි.
දණහිසේ ආබාධයක්, පිටකොන්දේ ආබාධයක් මෙන්ම උරහිසේ ආබාධයක් නිසා පසුගිය කාලයේදී ඔහුට තරගාවලි කිහිපයක්ම මගහැරිණ. ඒ අතරට එක්වූ නවතම හිරිහැරය වන්නේ මැණික් කටුවේ ආබාධයයි.
ඒ කෙසේ වෙතත් තවත් මාසයකින් ආරම්භ වීමට නියමිත විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය සඳහා කී‍්‍රඩා කිරීමට තමන්ට හැකිවනු ඇතැයි නඩාල් සුබවාදීව සිතයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.