Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන 44 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ පැසිපන්දු තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා ද්විත්වයම දිනාගැනීමට බස්නාහිර පළාත් කණ්ඩායම් සමත් විය.
දින 3 ක් පුරා යාපනය මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී සහ වෙම්බඩි ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ පිරිමි අනු ශූරතාව නැගෙනහිර පළාතටත්, කාන්තා අනු ශූරතාව උතුරු පළාතටත් හිමිවිය. එහිදී තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස බස්නාහිර පළාතේ සුදේෂ් අහමඞ්ද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස උතුරු පළාතේ එප්සිබාද සම්මාන දිනාගත්හ.
තරගාවලියේ ජය සංකේත ප්‍රදානය උතුරු පළාත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් පැසිපන්දු සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. එම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ අයි.පී. විජේරත්න මහතා ඇතුලු ආරාධිතයන් රැසක් සහභාගි වූහ.
පැසිපන්දු පිරිමි ශූරතාව දිනාගත් බස්නාහිර පළාත් කණ්ඩායම |
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා - බස්නාහිර පළාතේ සුදේෂ් අහමඞ් |
පැසිපන්දු කාන්තා ශූරතාව දිනාගත් බස්නාහිර පළාත් කණ්ඩායම |
දක්ෂතම ක්‍රීඩිකාව - උතුරු පළාතේ එප්සිබාද |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.