Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ස්නූකර් තරගාවලියේ අවසන් මහා තරගයේදී එම්.එෆ්.එම්.ෆාසිල්ට එරෙහිව තරග වට 6-5 ක තියුණු ජයක් වාර්තා කරමින් පසුගිය වසරේදී ගිලිහී ගිය ශූරතාව නැවතත් අත්පත් කරගැනීමට ප්‍රවීණ ක්‍රීඩක සුසන්ත බොතේජු සමත්විය.
දශක දෙකකට ආසන්න කාලයක් පුරා රැකගත් ජාතික ස්නූකර් මේසයේ ආධිපත්‍ය යළි අත්පත් කරගැනීම සඳහා පසුගිය වසරේ ශූරතාව දිනූ ෆසිල් සමග කරට කර සටනක් කිරීමට බොතේජුට සිදුවිය.
සුසන්ත බොතේජු ජාතික ස්නූකර් ශූරතාව දිනාගත්තේ 19 වැනි වරටය.
1996 වසරේ සිට අඛණ්ඩව 2001 වසර දක්වා ජාතික ස්නූකර් ශූරතාව දිනූ සුසන්ත 2002 වසරේදී නරේෂ් සමරවික්‍රම හමුවේ පරාජයට පත්විය. අනතුරුව 2003 වසරේ සිට 2006 දක්වාත්, 2008 වසරේ සිට 2015 දක්වාත් අඛණ්ඩව ජාතික ස්නූකර් ශූරතාවට හිමිකම් කීවේය. පසුගිය වසරේදී ඔහුට අවසන් මහා තරගයට සේන්දුවීමට ඉඩ නොලැබුණේ එම වසරේදී ශූරතාව දිනූ ෆාසිල් හමුවේ අවසන් පූර්ව වටයෙන් පරාජයට පත්වීම හේතුවෙනි.
මෙවර අවසන් මහා තරගයේදී එහි වාඩුව ගත් සුසන්ත ජාතික ස්නූකර් මේසයේ සිය ආධිපත්‍ය නැවත වාරයක් පතුරුවාලීමට සමත්වීම කැපී පෙනේ.
අවසන් තරගය සුසන්ත බොතේජු ජයගනු ලැබුවේ 58-26, 12-96, 73-64, 55-52, 69-7, 48-52, 31-64, 50-54, 73-0, 55-58, 65-13 ක් වශයෙනි.
අවසන් පූර්ව වටයේදී සුසන්ත හමුවේ තරග වට 5-4 කින් පරාජයට පත්වූයේ ෆාසිල්ගේ සොයුරු මුවර්ස් ක්‍රීඩා සමාජයේ එම්.එෆ්.එම්.ෆාහිම්ය. පසුගිය වසරේ අනුශූරතාව දිනූ යුද හමුදා කණ්ඩායමේ එම්.එම්.මුබීන් මෙවර අවසන් පූර්ව වටයේදී තරග වට 5-4 කින් පරාජය කිරීමට ෆාසිල් සමත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.