Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner මංජු වන්නිආරච්චි යළිත් ජාතික බොක්සිං වළල්ලේ

මංජු වන්නිආරච්චි යළිත් ජාතික බොක්සිං වළල්ලේ

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන 89 වැනි ‘ජතික බොක්සිං තරගාවලිය’ මේ මස 9 වැනිදා සිට 13 වැනිදා දක්වා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. වයස අවුරුදු 19 ත් 40 ත් අතර ආධුනික, අතරමැදි, ස්ටබ්ස් පළිහ සහ ජාතික කණිෂ්ඨ බොක්සිං තරගාවලිවලදී ජයග‍්‍රහණ ලැබූ තරගකරුවන්ට පමණක් මෙම තරගාවලියට සහභාගීවිය හැක.

තරගාවලියට සහභාගීවන තරගකරුවන්ගේ බර මැනීමේ කටයුතු සහ වෛද්‍ය පරීක්ෂණ 8 වැනිදා උදෑසන 8.00 සිට 10.00 දක්වා පැවැත්වෙන අතර එදිනම දහවල් 2.00 ට සුගතදාස හෝටලයේදී තරගාවලියේ කුසපත් ඇදීම පැවැත්වේ.

ඉකුත් වසරේ සාර්ථකම බොක්සිං කී‍්‍රඩිකාව වු අනූෂා කොඩිතුවක්කු මෙම තරගාවලියේදී වැඩිම අවධානයක් දිනාගනු ඇතැයි අපේක්‍ෂා කරන කී‍්‍රඩිකාවයි. වසර 2 ක තරග තහනමකට ලක්ව සිට නැවතත් බොක්සිං වළල්ලට පැමිණි මංජු වන්නිආරච්චි සහ බැන්ටම් බර පන්තියේ වත්මන් ජාතික ශූරයා වන ගයාන් ජයවීර ඉතා තියුණු තරගයක් ඇතිවීමේ ඉඩකඩක්ද පවතී.

පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙන්ම බර පංති 10 ක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමෙන අතර දක්ෂතම කී‍්‍රඩකයා, දක්ෂතම පරාජිතයා, දක්ෂතම කී‍්‍රඩිකාව සහ දක්ෂතම පරාජිකාව සඳහා සම්මාන පිරිනැමේ.

ලබන වසරේ ස්කොට්ලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උත්සවයට සහභාගීවන ශ්‍රී ලංකා බොංක්සිං කණ්ඩායමට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තෝරාගනු ලබන්නේද මෙම තරගාවලියෙනි.

 


අදහස් (0)

මංජු වන්නිආරච්චි යළිත් ජාතික බොක්සිං වළල්ලේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.