Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner මධුෂාන් - දේවින්දි ති‍්‍රත්ව ශූරතා දිනති

මධුෂාන් - දේවින්දි ති‍්‍රත්ව ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

‘මෝරා ස්මෑෂස්’ අතර මැදි සහ අධුනික සමස්ත ලංකා මේසපන්දු තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස කුරුණෑගල මලියදේව විදුහලේ මධුෂාන් සූරියබණ්ඩාරත්, දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස කරන්දෙණිය මැදි විදුහලේ හිමායා දේවින්දිත් සම්මාන දිනාගත්හ.

බාලක වයස 15 න් පහළ සහ 18 න් පහළ ශූරතා මෙන්ම පිරිමි ආධුනික ශූරතාවද දිනාගනිමින් මධුෂාන් සූරියබණ්ඩාර තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා බවට පත්විය.

හිමායා දේවින්දි තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව බවට පත්වූයේ බාලිකා වයස 15 න් පහළ සහ 18 න් පහළ අනුශූරතා මෙන්ම කාන්තා අධුනික සහ අතර මැදි ශූරතාද දිනාගනිමිනි.

තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප‍්‍රවීන දේශක රංගික හල්වතුර මහතා සහභාගි විය. මොරටුව විශ්ව විද්‍යාලයීය මේසපන්දු සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය විශ්ව විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


බාලක තරග ප‍්‍රතිඵල

වයස 08 න් පහළ

හරින් නිම්දිනු (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස කේෂව පි‍්‍රයාන් (නාවලපිටිය අනුරුද්ධ විදුහල) පරාජය කරන ලදි. (11/07, 07/11, 11/06)

වයස 10 න් පහළ

දනුක් ලමාසූරිය (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස ලීනුල මෙතුම්සිත් (ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (11/09, 11/08)

වයස 12 න් පහළ

තිසුම් ගමගේ (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස තුමාල් අධිකාරි (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/07)

වයස 15 න් පහළ

මධුෂාන් සූරියබණ්ඩාර (කුරුණෑගල මලියදේව විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස කුමුදිත ලක්ෂාන් (මතුගම ආනන්ද ශ‍්‍රාස්ත‍්‍රාලය) පරාජය කරන ලදි. (9/11, 11/03, 10/02)

වයස 18 න් පහළ

මධුෂාන් සූරියබණ්ඩාර (කුරුණෑගල මලියදේව විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස විනුර ගමගේ (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල) පරාජය කරන ලදි. (11/03, 11/02)

ආධුනික පිරිමි

මධුෂාන් සූරියබණ්ඩාර (කුරුණෑගල මලියදේව විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස දමිත් දිල්ෂාන් (මොරටුව විශ්ව විද්‍යාලය) පරාජය කරන ලදි. (11/07, 11/09)

අතර මැදි පිරිමි

දුලාජ් රණතුංග (මහනුවර සසෙක්ස් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස ආර්. එම්. එල්. චතුරංග (ප්ලේග‍්‍රවුන්ඞ් මේසපන්දු ලීගය) පරාජය කරන ලදි. (11/06, 11/03)


බාලිකා තරග ප‍්‍රතිඵල

වයස 08 න් පහළ

දිනෙව්නි දිසානායක (කොළඹ මහාමායා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස ඔමල්හාරා බොපේආරච්චි (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (13/11, 11/05)

වයස 10 න් පහළ

මිෂෙලි මලීෂා (කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරායම) විසින් තරග වට 2-0 ක් ලෙස දිල්කි චින්තනා (අම්බලන්ගොඩ දේවානන්ද විදුහල) පරාජය කරන ලදි. (11/07, 11/04)

වයස 12 න් පහළ

අයිෂාත් රාෆා නසීම් (ස්ටැග් මේසපන්දු විද්‍යායතනය) විසින් තරග වට 2-0 ක් ලෙස ඉමල්ෂා ලක්රන්දි (ගල්කිස්ස බෞද්ධ කාන්තා විදුහල) පරාජය කරන ලදි. (11/07, 12/10)

වයස 15 න් පහළ

අයිෂාත් රාෆා නසීම් (ස්ටැග් මේසපන්දු විද්‍යායතනය) විසින් තරග වට 2-0 ක් ලෙස හිමායා දේවින්දි (කරන්දෙණිය මැදි විදුහල) පරාජය කරන ලදි. (11/08, 11/05)
 
වයස 18 න් පහළ

අමාධි සියඹලාපිටිය (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස හිමායා දේවින්දි (කරන්දෙණිය මැදි විදුහල) පරාජය කරන ලදි. (11/08, 12/10)
 
ආධුනික කාන්තා

හිමායා දේවින්දි (කරන්දෙණිය මැදි විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස සනායා බුද්ධදාස (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (11/04, 11/03)
 
අතර මැදි කාන්තා

හිමායා දේවින්දි (කරන්දෙණිය මැදි විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස සනායා බුද්ධදාස (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (11/09, 14/12)

 

 

 


අදහස් (0)

මධුෂාන් - දේවින්දි ති‍්‍රත්ව ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.