Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner මහාමායා - විශාකා කරට කර සටනක

මහාමායා - විශාකා කරට කර සටනක

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මයිලෝ ආයතනයේ අනුග්‍රහය ඇතිව 45 වන වරටත් පවත්වනු ලබන ශ්‍රී ලංකා පාසල් වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලියේ සිව්වන දිනය අවසානයේ ලකුණු 438 ක් ලබා මහනුවර මහාමායා විද්‍යාලය කාන්තා අංශයේ පෙරමුණ ලබා ගනිද්දී ඔවුන් හා කරට කර තරගයක නිරතව සිටින විශාඛාවන් දෙවැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 431 ක් ලබා ගනිමිනි.

ඒ අනුව තරගාවලියේ අවසන් දිනය වන හෙට (10 වැනිදා) මෙම විදුහල් දෙකටම ඉතා තීරණාත්මක දිනයක් බවට පත්ව ඇති අතර හෙට දිනයේදී වැඩි දස්කම් දක්වන විදුහල තරගාවලියේ කාන්තා ශූරතාවට හිමිකම් කියනු ඇත.

ලකුණු 498 ක් ලබා සිටින ශාන්ත ජෝශප් විද්‍යාලය පිරිමි අංශයේ පෙරමුණ ලබා ගනිද්දී කොළඹ ආනන්ද විද්‍යාලය ලකුණු 322 ලබා එහි දෙවැනි ස්ථානයේ පසුවෙයි. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 283 ක් ලබා ඒකාබද්ධ පාසල් කාණ්ඩයේ පෙරමුණට පත්ව සිටියි.

සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ සිවුවැනි දිනය වූ අද (9 වැනිදා) නව තරග වාර්තා 7 ක් බිහිවිය. ඒ අනුව මුල් දින තුනෙහි බිහිවූ වාර්තා 24 ත් සමගින් මේ වන විට බිහිවී ඇති මුළු තරග වාර්තා සංඛ්‍යාව 31 කි.  

වයස 13 න් පහළ පිරිමි මිටර 100 නිදහස් ආර ඉසව්ව විනාඩි 1:00.09 කින් අවසන් කළ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ක්‍රිස් පවිත්‍ර එම ඉසව්වේ නව වාර්තාවට හිමිකම් කීවේ තියුණු සටනකින් අනතුරුවය. 2012 වසරේදී විනාඩි 1:00.89 කාලයක් වාර්තා කරමින් බී.ඩී.සී ධර්මප්‍රිය එහි පැරණි වාර්තාව පිහිටුවා තිබිණ.

ඊයේ දිනයේ නව වාර්තා දෙකක් පිහිටවනු ලැබූ ආනන්ද විද්‍යාලයේ එම්.එම් එක්නැලිගොඩ අද සහභාගී වූ මිටර 100 නිදහස් ආර තරග ඉසව්වද විනාඩි 1:15.23 කින් අවසන් කළේ නව තරග වාර්තාවක්ද පිහිටුවමිනි.

සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ නභාෂි පෙරේරා මිටර 50 සමනල ආර තරග ඉසව්වෙන් අද දිනයේදී නව තරග වාර්තාවක් (තත්පර 31.03) පිහිටුවීමට සමත් වූවාය. එය මෙවර තරගාවලියේදී ඇය පිහිටවූ තෙවැනි වාර්තාව ලෙස සටහන් විය.


සිව්වන දිනයේ බිහිවූ නව වාර්තා

■    මිටර 50 ළය ආර (වයස 9 න් පහළ පිරිමි) - ක්වයිඞ් ෆරූක් (ශාන්ත පීතර විද්‍යාලය) : තත්පර 42.82
■    මිටර 50 ළය ආර (වයස 11 න් පහළ පිරිමි) - දමිරු වික්‍රමතුංග (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල) : තත්පර 40.00
■    මිටර 50 ළය ආර (වයස 13 න් පහළ පිරිමි) - ක්‍රිස් පවිත්‍ර (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) :තත්පර 34.00
■    මිටර 100 පසුපස ආර (වයස 13 න් පහළ පිරිමි) - වනුජ කන්නන්ගර (ශාන්ත ජෝශප් විද්‍යාලය) :විනාඩි 1:08.16
■    මිටර 50 සමනල ආර (වයස 13 න් පහළ කාන්තා) - නභාෂි පෙරේරා (සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා  විද්‍යාලය) : තත්පර 31.03
■    මිටර 100 නිදහස් ආර (වයස 9 න් පහළ පිරිමි) - එම්.එම් එක්නැලිගොඩ (ආනන්ද විද්‍යාලය) : විනාඩි 1:15.23
■    මිටර 100 නිදහස් ආර (වයස 13 න් පහළ කාන්තා) - හිරුකි ද සිල්වා (දෙහිවල ගේට්වේ විද්‍යාලය) : විනාඩි 1:05.14

ඡායාරූප - ඉෂාන් සංජීව


අදහස් (0)

මහාමායා - විශාකා කරට කර සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.