Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner මාස් හෝල්ඩිංග්ස් ‘බී’ පිලට දැවැන්ත ජයක්

මාස් හෝල්ඩිංග්ස් ‘බී’ පිලට දැවැන්ත ජයක්

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘ඩී’ කාණ්ඩායේ පිරිමි මූලික වටයේ තරගයකදී කොමාර්ෂල් බැංකු කණ්ඩායමට එරෙහිව ලකුණු 72-35 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට මාස් හෝල්ඩිංග්ස් ‘බී’ කණ්ඩායම සමත් විය.

පළමු අර්ධය අවසානයේ ලකුණු 36-16 ක් ලෙස පෙරමුණගත් මාස් හෝල්ඩිංග්ස් ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 36 ක් එක්කරගත්හ. කොමාර්ෂල් බැංකු කණ්ඩායමට දෙවැනි අර්ධයේදී රැස්කරගත හැකි වූයේ ලකුණු 19 ක් පමණි.

කොළඹ ශාන්ත ජෝෂප් පැසිපන්දු පිටියේදී පැවැති මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලකුණු 27 ක් රැස්කළ මාස් හෝල්ඩිංග්ස් ‘බී’ කණ්ඩායමේ දිනිත් පතිරගේ සම්මාන දිනාගත්තේය.

තරගාවලියේ 12 වැනි දිනයේදී පැවැති ‘ඩී’ කාණ්ඩායේදී තවත් තරගයකදී ලකුණු 66-53 ක් ලෙස වර්තූසා කණ්ඩායම පරාජය කිරීමට ඬේවිඞ් පීරිස් කණ්ඩායම සමත් විය.


‘ඩී’ කාණ්ඩය
■    මාස් හෝල්ඩිංග්ස් ‘බී’ කණ්ඩායම විසින් ලකුණු 72-35 ක් ලෙස කොමාර්ෂල් බැංකු කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - දිනිත් පතිරගේ (මාස් හෝල්ඩිංග්ස් ‘බී’ කණ්ඩායම) - ලකුණු 27
■    ඬේවිඞ් පීරිස් කණ්ඩායම විසින් ලකුණු 66-53 ක් ලෙස වර්තූසා කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - තනුෂ්ක වනිගරත්න (ඬේවිඞ් පීරිස් කණ්ඩාම) - ලකුණු 24  

 


අදහස් (0)

මාස් හෝල්ඩිංග්ස් ‘බී’ පිලට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.