Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner මාස් හෝල්ඩිංග්ස් ක්‍රීඩිකාවන්ට දැවැන්ත ජයක්

මාස් හෝල්ඩිංග්ස් ක්‍රීඩිකාවන්ට දැවැන්ත ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘බී’ කාණ්ඩායේ කාන්තා මූලික වටයේ තරගයකදී චර්තූසා කණ්ඩායමට එරෙහිව ලකුණු 61-8 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට මාස් හෝල්ඩිංග්ස් කණ්ඩායම සමත් විය.

පළමු අර්ධය අවසානයේ ලකුණු 33-4 ක් ලෙස පෙරමුණ ගත් මාස් හෝල්ඩිංග්ස් ක්‍රීඩිකාවෝ දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 28 ක් එක්කර ගත්හ. චර්තූසා ක්‍රීඩිකාවන්ට දෙවැනි අර්ධයේදී රැස්කරගත හැකි වූයේද ලකුණු 4 ක් පමණි.

ලකුණු 18 ක් රැස්කළ මාස් හෝල්ඩිංග්ස් කණ්ඩායමේ ටාහීරා කටිලන් එම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය. තරගාවලියේ 16 වැනි දිනයේදී පැවැති මෙම තරගය කොළඹ ශාන්ත ජෝෂප් පැසිපන්දු පිටියේදී පැවැත්විණ.


- 036

 


අදහස් (0)

මාස් හෝල්ඩිංග්ස් ක්‍රීඩිකාවන්ට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.