Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බ්‍රසීලයේදී දැන් පැවැත්වෙන 31 වැනි රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඊයේ (9) පැවැති මීටර 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ (පිරිමි) මුලික වටයේ දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක මැතිව් අබේසිංහ තෙවැනි ස්ථානය ලැබීය. මුලික වටයේ මෙම ඉසව්වට සහභාගි වු ක්‍රීඩකයන් 56 දෙනා ලැබු කාලය අනුව මැතිව්ට හිමිව ඇත්තේ 50 වැනි ස්ථානයයි.
එනිසා පළමු ක්‍රීඩකයන් 16 දෙනා අතරට ඒමට මැතිව්ට අවස්ථාව නොලැබිණ. ඔහු තරගය නිම කළේ තත්පර 50.93 කිනි.
මීටර 100 නිදහස් ආර (පිරිමි) ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවන ලද්දේ මැතිව් විසිනි. ඒ මීට මාසයකට පෙර හොංකොං’හි පැවැති විවෘත පිහිනුම් තරගාවලියේ තුන්වැනි අදියරේදීය. මැතිව්, තත්පර 50.53 ක දස්කමක් දක්වමින් එම වාර්තාව පිහිටු වුයේ රියෝ ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවාලමිනි.
මෙම වසරේ ඉන්දියාවේ පැවැති 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව්වලදී මැතිව්, රන් පදක්කම් හතක් සමඟින් පදක්කම් 10 ක්ම ශ්‍රී ලංකාවට හිමිකර දුන්නේය.
ඔහු මෙවර සාග් ක්‍රීඩා උළෙලේදී දකුණු ආසියානු පිහිනුම් වාර්තා හතරක්ද බිඳ දමමින් දස්කම් දැක්වීය.
රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගිවී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනාගෙන් පස්දෙනකුම තරග කර අවසන්ව ඇති අතර ජුඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධන තරගයක් ජයගත් ක්‍රීඩකයා විය.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.