Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කාන්තා ටෙනිස් පිටියේ නොම්මර එකේ කී‍්‍රඩිකා සෙරීනා විලියම්ස් අන්දමන්ද කළ ස්පාඤ්ඤයේ ගාබීන් මුගුරූසා පැරිස් නුවර රෝලන්ඩ් ගැරොස් ටෙනිස් පිටිය වටා එක්රොක් වී සිටි දහස් සංඛ්‍යාත කී‍්‍රඩාලෝලීන්ගේ නළල් තල රැලිගන්වමින් මෙවර ප්‍රංශ විවෘත ටෙනිස් කාන්තා කිරුළ අත්පත් කරගත්තාය.
ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 21 ක්ම දිනා සිටි සෙරීනා, පැරිස් නුවරට එද්දී සිහින දුටුවේ මෙවර කුසලානය ඩැහැගෙන ජර්මනියේ ස්ටෙෆී ග්රාෆ්ගේ වැඩිම ග්රෑන්ඞ් ස්ලෑම් ශූරතා වාර්තාව සම කිරීමටය. එහෙත් අවසන් තරගය මුලිමනින්ම තම ආධිපත්‍යයට නතුකරගත් මේ ස්පාඤ්ඤ යුවතිය තමාට වඩා වසර 12 කින් වැඩිමල් ප්‍රවීණ කී‍්‍රඩිකාවගේ ඒ සිහිනය බොඳ කර දැමුවාය.
ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරිම්වල සිවුවැනි තැන සිටි මුගුරූසා මේ ගත්තේ පසුගිය වසරේ විම්බල්ඩන් අවසන් මහා තරගයේදී සෙරීනාගෙන් ලද පරාජයේ වාඩුවයි. එතෙක් මෙතෙක් කාලයේ මුගුරුසා ග්රෑන්ඞ් ස්ලෑම් වර්ගයේ ටෙනිස් තරගාවලියක අවසන් මහා තරගයට සේන්දු වූ දෙවැනි අවස්ථාව මෙය විය.
සෙනසුරාදා පැවැති තරගයේදී මුගුරූසා විසින් සෙරීනා පරාජය කරන ලද්දේ 7-5 ක් සහ 6-4ක් ලෙස කිසිදු අපහසුවකින් තොරව වීමද විශේෂත්වයකි.
![]() |
මේ ජයග්‍රහණයත් සමග ඇය 1998 වසරේ දී ඇරැන්ට්ක්සා සැන්චේස්ගෙන් පසුව රෝලන්ඞ් ගැරොස් හී දී ප්‍රංශ ටෙනිස් කිරුළ අත්පත්කරගත් පළමු ස්පාඤ්ඤ ජාතික කී‍්‍රඩිකාව ලෙස වාර්තාපොත අලූත් කළාය. සිය ජයග්‍රහණයේ සතුට කෙතරම්ද කිවතොත් මුගුරූසාට මාධ්‍යවේදීන් සමග කතා කරන්නටත් බැරි තරම් විය.
”ලෝකේ හොඳම කී‍්‍රඩිකාවට එරෙහිව ග්රැන්ඞ් ස්ලෑම් අවසන් මහ තරගයක් ජයගැනීම මට අදහාගන්න බෑ” යයි ඇය සෑහෙන්න උද්දාමයට පත්ව කියා සිටියාය.
වසර 1999න් පසුව ග්රෑන්ඞ් ස්ලෑම් ශූරතා අවසන් මහා තරග 27 කට එක්වූ සෙරීනා පරාජයට පත්වූ 6 වැනි අවස්ථාව මෙය විය.
තරගයට පෙර ඇගේ කලවා මස් පිඩුවක ආබාධයක් හටගත් බවට පසුව මාධ්‍ය වාර්තා අනාවරණය කළත් සෙරිනා එය පරාජයේ නිදහසට කාරණාවක් කරගැනීමට අකමැති වූවාය.
”ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි” ඇය කීවේ එසේය.
”පරාජයකට පස්සේ මම ආබාධයකට ලක්ව සිටියා...ඒක සෑහෙන්න වේදනාවක් ගෙන දුන්නා වගේ දේවල් කියන ජාතියේ ගැහැනියෙක් නෙවෙයි මම”
”තරගයෙන් පස්සේ ඒ ගැන කල්පනා කළොත් මට කියන්න තියෙන්නේ මම හරියට සෙල්ලම් කළේ නෑ කියලයි. මට දිනන්න ඕන කරලා තිබුණු තරගය ඇය දිනාගත්තා. ඒක තමයි ඇත්ත” යයිද සෙරීනා කීවේ නියම වෘත්තීය කී‍්‍රඩිකාවක් විලසිනි.
ලෝක ටෙනිස් පිටිය දිග් විජය කළ සෙරීනා එක දිගට පරාජයට පත්වූ තුන්වැනි ග්රෑන්ඞ් ස්ලැම් අවසන් මහා තරගය මෙය විය. එහෙත් ඒවා අමතක කොට ඉදිරියේ දී පැවැත්වෙන විම්බල්ඩන් ශූරතාවලියට එක්වීම දැන් එකම බලාපොරොත්තුව බැව් ඇය කියන්නීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.