Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ශත සංවත්සර (100) ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත පිරිමි කේවල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මේදිරා සමරසිංහ සහ අම්රිතා මුත්තයියා යන කී‍්‍රඩිකාවෝ අද (19 වැනිදා) සමත් වූහ.
මේදිරා සමරසිංහ ඉකුත් වසරේ පැවැති ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරතාවලියේදී කේවල බාලිකා ශූරතාව දිනාගත් කි‍්‍රඩිකාව වන අතර අම්රිතා මුත්තයියා එම වසරේ පැවැති ජාතික ටෙනිස් ශූරතාවලියේදී කේවල කාන්තා ශූරතාව දිනාගත් කි‍්‍රඩිකාව වන්නීය.
අද පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ප‍්‍රබුද්ධි පෙරේරා හමුවේ තරග වට 2-0 ක් ලෙස පහසු ජයක් වාර්තා කරමින් මේදිරා සමරසිංහ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තාය. එම තරගයේ ලකුණු තත්ත්වය 6/0 ක් සහ 6/1 ක් ලෙස සටහන් විය.
අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී තරග වට 2-1 ක් ලෙස රුක්ෂිකා විජේසූරිය පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අම්රිතා මුත්තයියා සමත් වූ අතර 6/4 ක්, 3/6 ක් සහ 6/2 ක් ලෙස එම තරගයේ ලකුණු තත්ත්වය දැක්විණ.
කෙසේ වුවත් ජාතික ටෙනිස් (කාන්තා) ශේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන අම්රිතා මුත්තයියා, තවමත් 16 වැනි වියේ පසුවන ලාබාල කී‍්‍රඩිකා රුක්ෂිකා විජේසූරිය හමුවේ දෙවැනි වටය ලකුණු 6/3 ක් ලෙස පරාජයට පත්වීම මෙහිදී කැපී පෙනෙන සිදුවීමක් විය.
අම්රිතා මුත්තයියා 2009 වසරේ සිට මේ දක්වා (2014 දක්වා) නොකඩවා 6 වරක් ජාතික කේවල (කාන්තා) ශූරතාවට හිමිකම් කියා සිටින්නීය.
කොළඹ ටෙනිස් සංගම් මුලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස භාරතී එයාර්ටෙල් සමාගම කටයුතු කරයි.
විවෘත කාන්තා අර්ධ අවසන් පූර්ව වටයේ ප‍්‍රතිඵල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.