Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හිදී ලබන අප්‍රේල් මස 4 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම මේ වන තෝරාගෙන තිබේ. තෝරාගත් කණ්ඩායම මේ වනවිට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීම සඳහා යවා තිබේ.
රොහාන් සිරිසේන, උදය රණසිංහ සහ නිර්මල ජයසිංහ පිරිමි කණ්ඩායමටද, ඉෂාරා මධුරංගි, හංසනී පියුමිලා සහ එරන්දි වරුසවිතාන කාන්තා කණ්ඩායමට ඇතුළත්ව සිටිති. නිමේෂ් රංචාගොඩ සහ චමීර ගිණිගේ අතිරේක ක්‍රීඩිකයන් දෙදෙනා ලෙසත්, මුතුමාලි ප්‍රියදර්ෂනී සහ බුද්ධීපනී රාජගුරු අතිරේක ක්‍රීඩිකාවන් දෙදෙනා ලෙසත් නම්කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සඳහා ඉකුත් ඔක්තෝබර් මාසයේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී තේරීම් තරග පවත්වන ලදි. ඒ සඳහා විවෘත ශ්‍රේණිගත කිරීම් පෙරමුණේ රැදී සිටින ක්‍රීඩකයන් 8 දෙනා සහ ක්‍රීඩිකාවන් 8 දෙනා සහභාගී කරවාගෙන තිබේ.
තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තෝරාගැනීම සඳහා මේසපන්දු සම්මේලනය සම්මුඛ පරීක්ෂණයක් කැඳවන ලද අතර ඊට දිවයිනේ ප්‍රමුඛ පෙළේ පුහුණුකරුවන් 5 දෙනෙක් සහභාගි වී තිබේ. එහිදී ලලිත් ප්‍රියන්ත, බුද්ධික දික්කුඹර, ඉන්දික ප්‍රසාද් සහ ජෝතිපාල සමරවීර යන මහත්වරුන් අතුරින් වජිර වික්‍රමසිංහ මහතා කණ්ඩායමේ පුහුණුකරු ලෙස තෝරා ගෙන තිබේ.
මේ මස 27 වැනිදා 28 වැනිදා ජාතික මේසපන්දු ශූරතාවලිය පැවැත්වෙන බැවින් පෙබරවාරි මස මුල සිට වජිර වික්‍රමසිංහ මහතා යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා පුහුණුවීම් ආරම්භ කරන බවද මේසපන්දු සම්මේලනයේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.