Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner යසිත දෙවැනි වටයට

යසිත දෙවැනි වටයට

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘එෆ් 1 ෆියුචර්ස්’ ජාත්‍යන්තර ටෙනිස් තරගාවලියේ මූලික වටයේ තරගයකදී වට 2-1 ක් ලෙස ස්පාඥ්ඥයේ රාෆායෙල් ලූක් පරාජය කරමින් දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ යසිත ද සිල්වා සමත් විය. මෙම තරගාවලිය අද (19 වැනිදා) කොළඹ ටෙනිස් සංගම් පිටියේදී ආරම්භ විය.

තරගයේ පළමු වටය ලකුණු 7/5 ක් ලෙෂ රෆායෙල් ලූක් හමුවේ පරාජයට පත් වුවද, ඉතා තියුණු තරගයකින් අනතුරුව දෙවැනි සහ තෙවැනි වට පිළිවෙලින් ලකුණු 6/4 ක් සහ 7/5 ක් ලෙස ජයගනිමින් යසිත මෙම ජයග්‍රහණය වාර්තා කළේය.

ඉතාලියේ ඩේවිඩ් ගැලාප්පිනි සහ ලෙබනනයේ ගියොවන්නි සමහා අතර පැවැත්වෙන මූලික වටයේ තරගයෙන් ජය ලබන ක්‍රීඩකයාට එරෙහිව යසිත දෙවැනි වටයේදී තරග වැදීමට නියමිතය.

 


අදහස් (0)

යසිත දෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.