Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner යුගළ තරග ජයගෙන පිලිපීනය පෙරට එයි

යුගළ තරග ජයගෙන පිලිපීනය පෙරට එයි

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ (II වැනි කොටසේ) ශී‍්‍ර ලංකාව සහ පිලිපීනය අතර අද (1 වැනිදා) පැවති යුගල තරගයෙන් ශ්‍රී ලංකාවේ හර්ෂණ ගොඩමාන්න සහ රජීව් රාජපක්ෂ පරදවා තරග වට 3-0 ක පහසු ජයක් වාර්තා කිරීමට රූබන් ගොන්සාලිස් සහ ටේ‍්‍රට් හූලී සමත්වූහ.   

පළමු තරග වටයෙන් ලකුණු 6/1 ක් ලෙස ජයක් වාර්තා කළ රූබන් ගොන්සාලේස් සහ ටේ‍්‍රට් හූලී, දෙවැනි සහ තෙවැනි වට වලදීද හර්ෂණ ගොඩමාන්න සහ රජීව් රාජපක්ෂ හමුවේ පිළිවෙළින් ලකුණු 6/0 ක් සහ 6/1 ක් ලෙස ජය වාර්තා කළහ.

ඒ අනුව මෙතෙක් පැවති තරග 3 න් (කේවල තරග 2 න් සහ යුගල තරගයෙන්), තරග 2 ක් ජයගත් පිලිපීනය තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත්ව සිටියි. තරගාවලිය ජය ගැනීමට නම් ශ්‍රී ලංකාව හෙට දිනයේදී පැවැත්වෙන කේවල තරග 2 න්ම ජය ලැබිය යුතුය.

හෙට දිනයේදී පැවැත්වෙන එම කේවල තරග දෙකේදී හර්ෂණ ගොඩමාන්නට එරෙහිව රූබන් ගොන්සාලේස්ද නිෂාංගන් නඩරාජාට එරෙහිව ජෝන් පැට්ට්‍්‍රක්ද තරග වැදීමට නියමිතය.  

 


අදහස් (0)

යුගළ තරග ජයගෙන පිලිපීනය පෙරට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.