Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද 92 වැනි ජාතික බොක්සිං ශූරතාවලියේ පිරිමි ශූරතාවට හිමිකම් කියමින් සාජන් සෙල්වදුරෙයි අනුස්මරණ කුසලාන දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් විය. රන් පදක්කම් 4 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගනිමින් යුද හමුදා ක්‍රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ.
රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගත් ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය තරගාවලියේ පිරිමි අනු ශූරතාව හිමිකරගත් අතර රන් පදක්කමක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක් දිනාගත් ගුවන් හමුදාව එහි තෙවැනි ස්ථානයට පත් විය.
තරගාවලියේ කාන්තා ශූරතාවට හිමිකම් කියමින් නීවා ඇඹුල්දෙණිය අභියෝග කුසලාන දිනාගැනීමට යුනිචෙලා ක්‍රීඩා සමාජය සමත් විය. එහිදී රන් පදක්කම් 4 ක් සහ රිදී පදක්කම් 4 ක් දිනාගැනීමට යුනිචෙලා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
රන් පදක්කමක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගත් පොලිසිය, කාන්තා අනු ශූරතාව හිමිකරගත් අතර රන් පදක්කමක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් යුද හමුදාව එහි තෙවැනි ස්ථානයට පත් විය.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලයිට් වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 69) බර පංතියෙන් තරග වැදුණ යුද හමුදාවේ පී.ඩී.ඩී. මධුරංග සම්මාන දිනාගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 51) බර පංතියෙන් තරග වැදුණ යුනිචෙලා ක්‍රීඩා සමාජයේ ජේ.ඒ.ඩී. ජයසිංහ සම්මාන දිනාගත්තාය.
දක්ෂතම පරාජිතයා ලෙස ලයිට් වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 69) බර පංතියෙන් තරග වැදුණ නාවික හමුදාවේ ආර්.ජී.එස්. කුමාරසිංහද, දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 51) බර පංතියෙන් තරග වැදුණ යුද හමුදාවේ එච්.එස්. ප්‍රියදර්ශනීද සම්මාන හිමකරගත්හ.
කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය මහතා සහභාගි විය.
|
|
|
|
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.