Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner යුද හමුදාව - විශාඛාවෝ පෙරමුණ ගනිති

යුද හමුදාව - විශාඛාවෝ පෙරමුණ ගනිති

සංජය එරමුදුගොඩ - 2017 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතරමැදි පිහිනුම් තරගාවලියේ පිරිමි අංශයේ පෙරමුණ ගැනීමට ලකුණු 267 ක් ලබා සිටින යුද හමුදාව සමත් වෙද්දී, කාන්තා අංශයේ පෙරමුණ ගැනීමට ලකුණු 221.50 ක් ලබා සිටින කොළඹ විශාකා විදුහල සමත්ව සිටියි.

ලකුණු 258 ක් ලබා සිටින මරදාන ශාන්ත ජොෂප් විදුහල පිරිමි අංශයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල (ලකුණු 101), කොළඹ ආනන්ද විදුහල (ලකුණු 85) සහ මහනුවර ත්‍රිත්ව විදුහල (ලකුණු 84) පිළිවෙලින් එහි තෙවැනි, සිවුවැනි සහ පස්වැනි ස්ථාන වල පසුවෙති.

කාන්තා අංශයේ දෙවැනි ස්ථානය ලකුණු 173 ක් ලබා සිටින කොළඹ මියුසියස් විදුහලට හිමිවී ඇති අතර යුද හමුදාව (ලකුණු 117) එහි තෙවැනි ස්ථානයටත්, කළුතර බාලිකා විදුහල (ලකුණු 101) සිවුවැනි ස්ථානයටත්, මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහල (ලකුණු 99) පස්වැනි ස්ථානයටත් පත්ව තිබේ.


ළය  ආර තරග
■    මීටර් 50 -11 න් පහළ (බාලිකා) - මිනාරා ගුණපාල (මියුසියස් විද්‍යාලය)
■    මීටර් 50 -11 න් පහළ (බාලක) - වෙතුම් කලුආරච්චි (ශාන්ත සෙබස්තියන් විද්‍යාලය- මොරටුව)
■    මීටර් 50 -13 න් පහළ (බාලිකා) - ටී. සන්දේශනා  පෙරේරා (ශ්‍රී සුමංගල  බාලිකා විද්‍යාලය)
■    මීටර් 50 -13 න් පහළ (බාලක) - එස්. රණවීර (ත්‍රිත්ව විද්‍යාලය - මහනුවර)
■    මීටර් 50 -15 න් පහළ (බාලිකා) - සමන්ත ටප්පින් (එළිසබෙත් මොයිර් විද්‍යාලය)
■    මීටර් 50 -15 න් පහළ (බාලක) - එච්.දසනායක (ආනන්ද විද්‍යාලය)
■    මීටර් 50 -18 න් පහළ (බාලිකා) - ආර්.ඒ.සී.ඩී. කුමාරිහාමි (දේව පතිරාජ විද්‍යාලය)
■    මීටර් 50 -18 න් පහළ (බාලක) - ගවික හීනටිගල (රාජකීය ජාත්‍යන්තර පාසල)
■    මීටර් 50 -18න් පහළ (බාලක) - ඉසිවරුණ දි සිල්වා(රාජකීය විද්‍යාලය)

සමනළ ආර තරග
■    මීටර් 100 -13 න් පහළ (බාලිකා) - ජේ.පෙරේරා (බෞද්ධ විද්‍යාලය)
■    මීටර් 100 -13 න් පහළ (බාලක) - බිම්සර ගලප්පත්ත (ලයිසියම් ජාත්‍යන්තර පාසල- නුගේගොඩ)  
■    මීටර් 100 -15 න් පහළ (බාලක) - ආර්. එස්.එස්. වනිගසේකර (ධර්මරාජ විද්‍යාලය- මහනුවර)
■    මීටර් 100 -18 න් පහළ (බාලක) -  පී.යූ.ජයසේකර (රිච්මන් විද්‍යාලය)

නිදහස් ආර තරග

  • මීටර් 100 -11 න් පහළ (බාලිකා) - සනිත්‍යා වීරක්කොඩි (සිරිමාවෝ බණ්ඩාරණායක විද්‍යාලය)
  • මීටර් 100 -11 න් පහළ (බාලක) - වෙතුම් කලුආරච්චි (ශාන්ත සෙබස්තියන් විද්‍යාලය- මොරටුව)
  • මීටර් 100 -13 න් පහළ (බාලිකා) - නිම්දෝලි පෙරේරා (විශාඛා විද්‍යාලය- කොළඹ)
  • මීටර් 100 -13 න් පහළ (බාලක) - වී.විසිත් කංනන්ගර
  • මීටර් 100 -15 න් පහළ (බාලක) - ආර්. එස්.එස්. වනිගසේකර (ධර්මරාජ විද්‍යාලය- මහනුවර)
  • මීටර් 100 -18 න් පහළ (බාලිකා) - ජනේත්‍රි කුලවර්ධන (විශාඛා විද්‍යාලය- කොළඹ)
  • මීටර් 100 -18 න් පහළ (බාලක) - පී.යූ.ජයසේකර (රිච්මන් විද්‍යාලය)

 


අදහස් (0)

යුද හමුදාව - විශාඛාවෝ පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.