Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner රන්සිළු යළිත් ආසියානු වාර්තාව අලුත් කරයි

රන්සිළු යළිත් ආසියානු වාර්තාව අලුත් කරයි

ශනුක අරවින්ද - 2018 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැනඩාවේදී පැවැති ලෝක සවි එසවීමේ ශූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක කිලෝ ග්‍රෑම් 120 බර පංතිය යටතේ පැවැති තරගයේදී තමාගේම ආසියානු වාර්තාව දෙවැනි වරටත් අලුත් කිරීමට සමත් විය. එහිදී ‘ඩෙඞ් ලිෆ්ට්’ ක්‍රමයට අනුව කිලෝ ග්‍රෑම් 317.5 ක බරක් ඔසවමින් ඔහු සිය වාර්තාව අලුත් කළේය.

ඉකුත් වසරේ (2017) බෙලරුසයේ පැවැති ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී කිලෝ ග්‍රෑම් 120 බර පංතිය යටතේ ‘ඩෙඞ් ලිෆ්ට්’ ක්‍රමයට අනුව කිලෝ ග්‍රෑම් 315 ක බරක් ඔසවමින් එහි වාර්තාව තමන් සතු කරගත් රන්සිළු, එහිදී බිඳදැමුවේ කිලෝ ග්‍රෑම් 312 ක් ඔසවමින් කසකස්තාන් ක්‍රීඩකයෙක් පිහිටුවා තිබූ වාර්තාවය.

ඉන් අනතුරුව ඉකුත් වසරේ අග භාගයේදී පළමු වරට එම වාර්තාව අලුත් කිරීමට ඔහු සමත් වූයේ ඉන්දියාවේදී පැවැති ආසියානු සවි එසවීමේ ශූරතාවලියේදී කිලෝ ග්‍රෑම් 315.5 ක බරක් ඔසවමිනි.

මෙවර (2018) තරගාවලියේදී ‘ඩෙඞ් ලිෆ්ට්’ ක්‍රමයට අනුව කිලෝ ග්‍රෑම් 317.5 ක බරක් එසවූ රන්සිළු,  ‘ස්කොට්’ ක්‍රමයට අනුව කිලෝ ග්‍රෑම් 285 ක බරක් සහ ‘බෙන්ච් ප්‍රෙස්’ ක්‍රමයට අනුව කිලෝ ග්‍රෑම් 135 ක බරක් එසවීමටද සමත් විය.

තරගාවලිය පුරා කිලෝ ග්‍රෑම් 737.5 ක බරක් එසවූ ඔහු කිලෝ ග්‍රෑම් 120 බර පංතියේ තරගකරුවන් අතර 16 වැනි ස්ථානයට පත් විය. මෙම තරගාවලිය සඳහා ලොව පුරා රටවල් 57 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 500 දෙනෙක් පමණ සහභාගි වූහ.


අදහස් (0)

රන්සිළු යළිත් ආසියානු වාර්තාව අලුත් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.